Chapter 11

607 116 119
                                    


CHAPTER 11 - BE MINE 

__________


"මට.... සී...තලයි......"

ජීහා ඇස් දෙක තද කරගෙන හෙමින් මුමුණන්න පටන් ගත්තා. කෙල්ලගෙ එක අතක් තාමත් තිබුණෙ ජංගුක්ගෙ ෂර්ට් එකේ ඉන හරියෙ පැටලිලා. ජංගුක්ගෙ මූණෙ බය වුන පෙනුමක් තිබුණෙ මීට කලින් කෙල්ලෙක් තමන්ගෙ ලඟට මෙච්චර ලංවෙලා නැති නිසාද? එහෙමත් නැත්නම් ඒකට වෙන හේතුවක් තිබුණද?

"ම්ම්හ්........ බනීහ්........ ම්ම්........."

කෙල්ලගෙ කෙඳිරිය ටිකෙන් ටික වැඩි වෙද්දි ජංගුක් කෙල්ලගෙ අත් දෙකෙන්ම අල්ලලා කෙල්ලව නැගිට්ටවන්න උත්සාහ කලා. ඒත් වුනේ හිතුවෙ නැති දෙයක්. ජීහා එකපාරටම ජංගුක්ගෙ පපුවට තුරුළු වුනේ ජංගුක්ගෙ හද ගැස්ම හොඳටම වැඩි කරලා.

ජංගුක් කියන්නෙත් හැඟීම් තියෙන මනුස්සයෙක්. එයාට බෑ තවත් තමන්ව පාලනය කරගන්න. ජංගුක් තමන්ගෙ තොල හපාගත්තා. ජීහාව තමන්ගෙන් ඈත් කරන්න හැදුවත් දැනටමත් මත් වෙලා හිටපු කෙල්ල ජංගුක්ගෙ ඇඟට ඇලිලාමයි හිටියෙ.

"ජීහා....... ප්ලීස් ඔයාගෙ ඇඳට යන්න......"

"අනේහ්..... බනී...... මට මහන්සියි.... මෙහෙම ඉන්න දෙන්නකො......."

"ඔයා ඇයි බිව්වෙ? මීට කලින් බීලා නෑ කියලා බොමී කිව්වා."

ජංගුක් කිව්වෙ කෙල්ලගෙ ඉන වටේට තමන්ගෙ අත් යවන ගමන්. ජංගුක් කෙල්ලත් එක්ක ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වුණා. ජංගුක් තීරණය කලා කතා කරන්න. මීට කලින් කතා කරන්න හම්බුනේ නැති දෙයක් වුනත් ජංගුක් හිටියෙ හරි සැහැල්ලුවෙන් ඒ දේත් එලියට දෙන්න පුළුවන් තත්වයක. ජංගුක්ට තත්පර ගානකින් තමන් බ්ලැක් තන්ඩර් කියන එක අමතක වෙලා ගිහින්.

"ම්ම්හ්....... මිස්ටර් නෝමන් කිව්වෙ..... හැමෝම බොන නිසා..... මටත්..... බොන්න කියලා."

"ඕකව මං ඉතුරු කරන්නෑ. සෙවල හලන පතෝලයා...."

ජංගුක් කිව්වෙ හුරතල් විදිහට තමන්ටම රවාගන්න ගමන්. ඔව්.... මේ වෙලාවෙ කවුරු හරි ජංගුක්ව දැක්කා නම් ඇත්තටම කොල්ලා ගැන එහෙම හිතයි. දකුණු කොරියාවේ දරුණුම මාෆියා සංවිධානයේ නායකයා බ්ලැක් තන්ඩර්ගෙ පිටිපස්සෙ ඉන්න හැංගිච්ච හුරතල් බනී. 

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now