Chapter 33

491 92 18
                                    


CHAPTER 33 - CUTY AND THE NEW BOY 

__________


"හ්ම්...... එතකොට ඔයාට මතක නැහැ ඔයා ගැන කිසිම විස්තරයක්?"

"හ්ම්......... ඔව්........."

ජීහා තමන්ගෙ ඉස්සරහින් එහෙට මෙහෙට ඇවිදින ගමන් කල්පනා කරන කොල්ලා දිහා බලාගෙන හිටියා. ජීහාගෙ මතකෙ නැති වෙලා බව දැනගත්තට පස්සෙ ටේහ්යොන්ග්ගෙ හිතේ තිබුණ ප්‍රශ්න තවත් වැඩි වෙන්න ඇති. එකපාරටම කවුද කියලා නොදන්න කෙල්ලෙක් තමන්ගෙ කාමරේ ඇතුලට රිංගලා දැන් එයාට පරණ කිසිම දෙයක් මතක නැහැ කියනවා. අනිත් එක තමයි කෙල්ල මොකටද මෙච්චර එයාගෙ ගෙදර ඉන්න අනිත් අයට බය.

"ඇත්තටම එතකොට ඔයා මොකටද මගේ කාමරේ ඇතුලට ආවෙ ආ?"

එකපාරටම කෙල්ල ඉඳගෙන හිටපු සෝෆා එකට ඉස්සරහින් තියලා තිබුණ ස්ටූල් එකෙන් වාඩි වුන ටේහ්යොන්ග් ඇහුවෙ කෙල්ලගෙ මූණට එබෙන ගමන්මයි.

"එයාලා මාව කාමරේක හිර කරලා තිබුණෙ. මම එතනින් පැනලා ආවා...... හැංගෙන්න තැනක් හොයද්දි තමයි මේ කාමරේ හම්බුනේ....."

"ඕහ්..... ඒත් ඇයි මගේ මාමා ඔයාව හිර කරලා තියාගන්නෙ? මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ."

"මම කිසිම දෙයක් ගැන දන්නෑ. ඒත් මොකක් හරි හේතුවක් නිසා එයාලට ඕන මාව හිර කරලා තියන්න. ආහ්..... මට ඒ දේවල් ආපහු මතක් කරගන්න ඕන."

ජීහා කිව්වෙ තමන්ගෙ ඔලුව අත් දෙකෙන්ම අල්ලගන්න ගමන්. ජීහාගෙ හිතට දැණුනෙ ලොකු පීඩනයක්. තමන් කවුද කියන එක අමතක වෙලා තියෙන අතරෙම ජීහාව හිර කරන්න හදන මිනිස්සු ටිකක් අතරෙ ඉන්නැද්දි කෙල්ලගෙ ඔලුවෙ ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒත් ඒ එකකටවත් හරි උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් මෙතන නැහැ.

"ඒයි..... කලබල වෙන්න එපා. අපි මොනවා හරි දෙයක් කරමුකො ඉතින්. මුලින්ම ඔයා වොෂ් එකක් දාගෙන හිටියොත් හොඳයි..."

ටේහ්යොන්ග් ටික වෙලාවක් කෙල්ලගෙ මූණ දිහා උනන්දුවෙන් බලාගෙන හිටියා. මෙච්චර වෙලා කොල්ලා නොදැකපු දෙයක් දැන් තමයි ටේහ්යොන්ග්ගෙ ඇස් වලට අහු වුනේ.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now