Chapter 43

383 87 33
                                    


CHAPTER 43 - TRUTH UNDER HIS SOUL

___________


After 1 year 

කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා..... එහෙම නේද? පරණ මතක සමහරවිට ලස්සන හෝ අවලස්සන අතීතයක් බවට පත් වෙනවා. අපි පුරුදු වෙන්න ඕන අතීතයේ මොන දේ මොන වරද සිද්ධ වුනත් ඒ දේවල් වලින් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන්න. අතීතය කියන්නෙ ගෙවිලා ඉවර වුන දෙයක්.... අනාගතය කියන්නෙ ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. වර්තමානයේ ජීවත් වෙන එකයි වැදගත්ම දේ. ඒකත් සතුටින් හොඳින් ජීවත් වෙන එක.

ජන්සෝල් එක්ක වුන ප්‍රශ්නය ඉවර වෙලා අවුරුද්දක්ම ගත වෙලා. එයාලට මොනවා වෙන්න ඇතිද? ජීවිත කොයිතරම් දුරට වෙනස් වෙන්න ඇතිද? ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නේද? හ්ම්.... මටත් ඒක ප්‍රශ්නයක්.

"ඇයි ඔප්පා එයා හැමදාම ඔහොම. හැමදාම එයා කියන්නෙ ගොඩක්ම ලස්සන එයාගෙ ෆස්ට් ලව් එක කියලා. ගොඩක්ම හොඳ එයාලු.... හහ්.... එහෙනම් මොන එහෙකටද ඒ බූරුවා මාව කසාද බැන්දෙ......"

"හයියෝ...... ඒකද මේ කෙල්ල මූණ සත පනහ වගේ කරගෙන ඉන්නෙ ම්ම්. සුමී ඔයා දන්නවනෙ ඉතින් එයා ගැන. එයාට එයාගෙ ෆස්ට් ලව් එක ගොඩක් වටිනවා. ඒකයි ඉතින් ඔය......"

"එහෙනම් එයත් එක්කම ඉන්න කියන්න..... මං යනවා ආපහු ගෙදර......"

ඩයිනින් ටේබල් එකේ පුටුවකින් ඉඳගෙන හිටපු පුංචි කෙල්ල සුමී මූනත් නරක් කරගෙන උඩ තට්ටුවට දිව්වෙ කිචන් එකේ ඉඳන් කොල්ලා හිනාවෙවී බලාගෙන ඉද්දි. සුමී කියන කෙල්ල ගෙයි එයාගෙ ලව්ලි හස්බන්ඩ්ගෙයි රණ්ඩු නම් කවදාවත් ඉවර වෙන්නෙ නැහැ. හැමදාම කොල්ලා එයාගෙ ෆස්ට් ලව් එක වර්ණනා කරද්දි සුමීට ඉරිසියා හිතෙන එකේ වැරැද්දක් නෑනෙ. ඒත් ඉතින් කොල්ලා දන්නවා කොහොම හරි කෙල්ලව යාලු කරගන්න.

සුමී උඩට යන දිහා බලාගෙන ඉඳලා ඔළුවත් දෙපැත්තට වනපු කොල්ලා කිචන් එකට ගිහින් එයා කර කර හිටපු වැඩේ පටන් ගත්තා. දවල් කෑමට ඕන කරන එළවලු කපන එක. කොල්ලගෙ මූණට හිනාවක් ආවෙ කොල්ලගෙ ඉන වටේට කාගෙ හරි අත් දෙකක් යද්දි. කොල්ලා දන්නවා ඒ කවුද කියලා.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now