Chapter 23

614 89 63
                                    


CHAPTER 23 - OUR SADDEST PAST

__________


ජංගුක් ජීහා දෙන්නම ඩයිනින් ටේබල් එකට වෙලා කෑම කන ගමන් හිටියෙ. කලින් දවස ජීහාට ගොඩක් වැදගත් ලස්සන දවසක්. ඒ කොහොම වුණත් ජංගුක්ට මේකත් සාමාන්‍ය දවසක් විතරක් වුනේ ජීහා ගැන අමුතු අදහසක් කොල්ලට නොතිබුණ නිසා. 

ඇත්තටම ජංගුක්ගෙ හිතේ තියෙන්නෙ මොන වගේ දෙයක්ද? එක වෙලාවකට ආදරයක් පේන්න තිබුණත් තව වෙලාවකට ජංගුක් හරි සීතල පෞරුෂයක් තියෙන කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් ජංගුක් හරියට මුහුද වගේ. 

"ඔයා ඕක අත ගගා ඉන්නෙ කන්නෙ නැද්ද?"

ජංගුක් කිව්වෙ ප්ලේට් එකේ තිබුණ බත් වලට චොප්ස්ටික් වලින් ඇන ඇන ඉන්න ජීහා දිහා බලාගෙන. ජංගුක් එකපාරටම කතා කරද්දි වෙන කල්පනාවක හිටපු ජීහා ගැස්සිලා ගියා. ඒ නිසාම තමයි කෙල්ලගෙ අතේ තිබුණ චොප්ස්ටික් දෙක කෙල්ලට අතෑරුනේ.

"ඔයා මොන සිහියෙන් ද ඉන්නෙ ජීහා? මොනා ගැනද ඔච්චර කල්පනා කරන්නෙ?"

"ආහ්ම්...... මට සමාවෙන්න ජංගුක්."

ජීහා කියද්දි තමන්ගෙ පුටුවෙන් නැගිටලා ආපු ජංගුක් ජීහාගෙ ලඟ බිම වැටිලා තිබුණ චොප්ස්ටික් දෙක අහුලලා අරන් කිචන් එකට ගියා. කිචන් කවුන්ටර් එකේ තිබුණ තව චොප්ස්ටික් දෙකක් අරගෙන ආපු ජංගුක් ඒවා ජීහාගෙ පැත්තට දික් කලා. ඒත් ජීහාට කෑම කන්න ඒතරම් වුවමනාවක් තිබුණෙ නැහැ.

"මට බඩගිනි නෑ වගේ ජංගුක්."

"ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මට බොරු කරන්න බෑ බේබ්. ඔයාගෙ පුංචි වෙනසක් වුනත් මට දැනෙනවා."

ජංගුක් කිව්වෙ කෙල්ලගෙ ඇස් දිහාම බලාගෙන. ඒක හරි.... ජීහාට මේ වෙලාවෙ උත්තර නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකත් මීට කලින් විසඳගන්න බැරි වුන එක කෙල්ල පසු තැවෙන්න පටන් අරන්.

"ඔයාට තියෙන ප්‍රශ්නෙ මට කියන්න බේබ්.... දැන් ඔයාගෙ හැම දෙයක්ම ඔයාට මට කියන්න පුලුවන්. පර්සනල් දෙයක් වුනත්."

ජංගුක් එහෙම කිව්වෙ වෙන අරමුණකුත් හිතේ තියාගෙන. ජීහාගෙ ඔලුවෙ වෙන මොකක් හරි දෙයක් වැඩ කරනවා නම් ජංගුක් ඒ ගැන දැනගෙන ඉන්න ඕන. එහෙම වුනොත් විතරයි ජංගුක්ට තමන් සේෆ් කියලා හිතෙන්නෙ. ජංගුක් දැන් ඉන්නෙ ලොකු රිස්ක් එකක. ඇත්තටම... ජීහාගෙන් සම්පූර්ණ ඇත්ත හංගන්න ජංගුක් ඕනවටත් වඩා බොරු ගොඩක් කියලා ඉවරයි. 

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now