Chapter 24

522 88 56
                                    


CHAPTER 24 - SURPRISE ROSES 

__________


ජංගුක් ජිමින් දෙන්නා වාහනේ නතර කලේ ලොකු කම්පැනි එකක් ඉස්සරහා. ජින් ගෙ JJ Industries වල ශාඛාවක් වුන මෙතන ජංගුක් දැන් හිටපු ගෙදරට ලඟ තැනක් වුණා. හදිස්සියේම හැමෝම මෙතනට එකතු වෙන්න හේතුව වුනේ බ්ලැක් තන්ඩර්ට පැවරුණු විශේෂ වැඩක්ම තමයි. 

කාර් එකෙන් බැහැලා ඔෆිස් එක ඇතුලට ඇවිදගෙන ගිය ජංගුක් ඇතුළෙ හිටපු ඔවුන්ගේ ක්ලයන්ව හම්බුනා. ඔහු තරමක් මැදි වයසේ විදේශික කෙනෙක්.

"ගුඩ් මෝනින් මිස්ටර් ජෝන්."

"ගුඩ් මෝනින් බ්ලැක් තන්ඩර්. මම අහලා තියෙන විදිහට බ්ලැක් තන්ඩර් කියන්නෙ වෙලාවට වැඩ කරන කෙනෙක්."

මිස්ටර් ජෝන් කිව්වෙ කට කොනින් හිනාවෙන ගමන්. ඩීල් එකක් කරද්දි කතා කරන්න අමාරුම කෙනෙක් තමයි මිස්ටර් ජෝන් කියන්නෙ. සාමාන්‍යයෙන් මිස්ටර් ජෝන් තමන්ගෙ වටේ ඉන්න අනිත් අය ගැන ඒතරම් පැහැදීමකින් හිතන්නෙ නැහැ. විශේෂයෙන්ම බ්ලැක් තන්ඩර් ගැන. 

අවුරුදු ගානක් පුරාවට ඉතාලි ඩීලර්ස්ලා එක්ක සම්බන්ධ වෙලා හිටපු ජන්සෝල්ගෙන් ඩ්‍රග්ස් තමන්ගෙ රටට එක්ස්පෝර්ට් කරගත්ත මිස්ටර් ජෝන්ට ජන්සෝල් එක්ක කාලෙක ඉඳන් ලොකු හිතවත් කමක් තිබුණා. හැබැයි දැන් ඉතාලි ඩීලර්ස්ලා ඉන්නෙ බ්ලැක් තන්ඩර් එක්ක වුන එක ගැන මිස්ටර් ජෝන්ටත් එච්චර හොඳ හැඟීමක් තිබ්බෙ නැහැ.

"මගේ පෞද්ගලික දෙයක් නිසා මට ටිකක් පරක්කු වුණා මිස්ටර් ජෝන්. ඒකට සමාවෙන්න. අපි කෙලින්ම ඩීල් එකට යමුද?"

"ඕකේ බ්ලැක් තන්ඩර්.... ටේක් අ සීට්......"

"ෂුවර්........"

මිස්ටර් ජෝන් කියද්දි තමන්ගෙ ජැකට් එක ගලවලා පුටුව උඩින් දාපු ජංගුක් මිස්ටර් ජෝන්ට ඉස්සරහින් තිබුණු පුටුවෙ වාඩි වුණා. ජිමින් අවශ්‍ය ඩොකියුමන්ට්ස් ජංගුක්ට පෙන්නද්දි ජංගුක් හිටියෙ ඒවත් එක්ක කාර්යබහුල වෙලා. ඒ නිසාම මිස්ටර් ජෝන්ගෙ මූණෙ තිබුණ සමච්චල් සහගත හිනාව ජංගුක් දැක්කෙ නැහැ.

"බ්ලැක් තන්ඩර්...... මට ඔයාට යෝජනාවක් ගේන්න පුළුවන් ද?"

"දැනටමත් අපි ඩ්‍රග් කන්ටේනර්ස් දහයක් ඩීල් කරලා ඉවරයි නෙ මිස්ටර් ජෝන්. තව ඩීලර්ස්ලා එක්ක වැඩ කරන්න තියෙන නිසා තව ඩ්‍රග්ස් නම් දෙන්න විදිහක් නැහැ. වෙපන් ඩීල් එක සම්පූර්ණයෙන්ම බලන්නෙ යුංගි."

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now