Chapter 21

575 101 49
                                    


CHAPTER 21 - LIE OVER LOVE

__________


වොෂ් එකක් දාගෙන ආපු ජීහා බාත් රොබ් එක ඇඳගෙනම රූම් එකේ තිබුණ ක්ලෝසෙට් එක අවුස්සන්න පටන් ගත්තා. ක්ලෝසෙට් එකේ තිබුණෙ ජංගුක්ගෙ ඇඳුම්. වැඩියෙන්ම කළු පාට ඕවර් සයිස්ඩ් ටීෂර්ට් ජීන්ස් වගේ ඇඳුම් තමයි එතන තිබුණෙ. ජංගුක්ගෙ ෆේවරිට් ඒ විදිහ තමයි.

ඕවර් සයිස්ඩ් වුනත් නැතත් ජංගුක්ගෙ ඇඳුම් කෙල්ලගෙ හැටියට ඕවර් සයිස්ඩ් වෙන නිසා ජීහා පුළුවන් තරම් ස්ලිම් ටීෂර්ට් එකක් තෝරගත්තා. ඒත් එක්කම ජංගුක්ගෙ ෂෝර්ට් එකක් අරගත්ත ජීහා ඇඳුම් මාරු කරගෙන කණ්ණාඩියෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බලන් හිටියා.

"මං වගේ දෙකක් දාන්න පුලුවන් මේ ඇඳුම් වලට.."

ලාවට හිනා වෙන ගමන් ජීහා තමන්ටම කියාගත්තා. ජීහා කාමරෙන් එලියට ගියේ කෙල්ලට පොඩි බඩගින්නකුත් තිබුණ නිසා. ඊයෙ රෑට කෑවට පස්සෙ ජීහා උදේට කාලා තිබුණෙත් නැහැ. ජංගුක් දීපු බියර් එක බිව්වා ඇරෙන්න වෙන මොකුත්ම ජීහාට ලැබුණෙ නැහැ. 

කෙල්ල පඩිපෙල බැහැගෙන පහලට එද්දි කලින් ගෙදර පිරිලා හිටපු මේඩ්ලා වගේම ජංගුක්ගෙ සහෝදරයො ටිකත් එහෙ හිටියෙ නැහැ. ගෙදර දොරත් තිබුණෙ වහලා දාලා. එනකොට තිබුණු එලිය දැන් නැති වෙලා ගිහින්. මොකක් හරි හේතුවකට ජීහාට දැනුණා මේ ගේ ඇතුලෙ තමන් හිරවෙන්න යනවා වගේ හැඟීමක්. ඒත් ජීහා ඒ ගැන ගොඩක් හිතුවෙ නැහැ.

ජීහාට ඇහුනෙ වතුර සද්දයක්. ඒකත් කිචන් එකෙන් ඇහුන නිසා කෙල්ල හිතුවා කවුරු හරි කිචන් එකේ ඇති කියලා. ජීහා ඒ පැත්තට යද්දිම කෙල්ලට හොඳ සුවඳක් දැනුනා. කවුරු හරි කෑම හදනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ජංගුක්.

ජංගුක් හිටියෙ බාබකියු එකක් දාන ගමන්. කොල්ලගෙ තෙත් වෙලා තියෙන කොන්ඩෙ නිසා ජංගුක් වොෂ් එකක් දාලා ඇවිත් තිබුන බව නම් ජීහාට තේරුණා. ජංගුක්ව දැන් දකිද්දි ජීහාට කලින් වගේ දෙයක් නෙවෙයි දැණුනෙ. මෙච්චර දවසක් ජංගුක් හිටියෙ ජීහා අරන් දුන්න පාට පාට ඇඳුම් වලින්. ඒවත් එක්ක කොල්ලා හුරතල් විදිහට පෙනුනත් දැන් ජංගුක් ඊටවඩා හාත්පසින්ම වෙනස්. ඇත්තටම ජීහාගෙ හිතේ ගැස්මක් ඇති කලා.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now