Chapter 44 [Epilogue]

637 103 66
                                    


EPILOGUE - FOUND OUT THE FEELING IS LOVE

__________

"මෙයා මැරිලා......... ජංගුක් අපි මෙතනින් යමු. හෝසෝක් කිව්වා පොලිසියෙන් එනවා කියලා."

ජිමින් කියද්දි ජංගුක් යුංගි දෙන්නා ජින්ව උස්සගත්තෙ ජිමින් සෝහිගෙයි ටේහ්යොන්ග්ගෙයි අතින් ඇදගෙන එතනින් එලියට එද්දි. මෙතන වුන දේ දැනගත්ත හෝසෝක් පොලිසියට මේ ගැන ඉන්ෆෝම් කලා. හැමෝම සැලසුම් කරලා තිබුණෙ කාවවත් මෙතනට ගෑවෙන්නෙ නැතුව මේ දේවල් ඉවර කරන්න. ටික වෙලාවකින් එතනට ආපු පොලිසියේ අය දරුණු ජාවාරම් කාරයෙක් වුන ජන්සෝල්ගෙ සිරුර එතනින් අයින් කලා.

එතන සිදුවීමෙන් පස්සෙ ජින් සෝහි දෙන්නා ජන්සෝල්ගෙ ෆියුනරල් එකට සහභාගී වුනේ මොන දේ වුණත් ඒ සෝහිගෙ අප්පා නිසා. එතනින් පස්සෙ ජංගුක් තීරණය කලා මාෆියා වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. පරණ දේවල් වලින් සම්පූර්ණයෙන්ම ගැලවෙන බලාපොරොත්තුව එක්ක ජංගුක් ජීහා එක්ක නිව්සීලන්ඩ් යන්න තීරණය කරනවා. ඒත් ඊට කලින් ඒ දෙන්නම විශේෂ ගමනක් යනවා.

"ඔයාගෙ මූණෙන් මට පේනවා ඔයා කොච්චර සතුටු වෙනවද කියලා ජංගුක්?"

"මට..... මට මේ ගැන හිතාගන්න බැහැ බේබ්..... එයාලා ආපහු ජීවත් වෙනවා කියන එක මං කොහොම විශ්වාස කරන්නද? ඒක හරියට හීනයක් වගේ.... ඒක හීනයක් නම් මම හිතන්නෙ කවදාවත් මට ඇහැරෙන්න එපා කියලා."

ජංගුක් කාර් එක ඩ්‍රයිව් කරන ගමන්ම ලස්සනට හිනා වුණා. මේක ජංගුක්ගෙ ජීවිතේට සතුටුම දවසක්. ජංගුක් හැමදාම බලාපොරොත්තු වුන දවසක්. ටික වෙලාවකින් කාර් එක නතර කලේ දුර පළාතක තිබුණු ලස්සන ගෙයක් ඉස්සරහා. එතන හරිම සාමකාමී තැනක්. ජංගුක් ජීහා එක්කම කාර් එකෙන් බැහැලා ගෙදර කොරිඩෝ එක දිගේ ඇතුලට ඇවිදගෙන ගියා.

එතන වයසක අය ගොඩක් සැඳෑ සමය ගත කරන තැනක්. මෙතනට කාලෙකට පස්සෙ එන තරුණ කඩවසම් කොල්ලා දිහාත් ලස්සන කෙල්ල දිහාත් වයසක අය බලාගෙන හිටියෙ පුදුමෙන්. ඒ අයට තම තමන්ගෙ දරුවො මතක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. 

"මිස්ටර් ජංගුක්.....?"

"ඔව්..... මම තමයි......."

"එයාලා එලියෙ ඉන්නවා......."

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now