Chapter 5

649 122 91
                                    


CHAPTER 5 - BOYFRIEND ?

__________


"දැන් ඔය අඬන එක නවත්තන්න."

ජංගුක් කිව්වෙ ජීහාව තමන්ගෙ පපුවට තුරුළු කරගෙන ඉන්න ගමන්මයි. ජීහාගෙ වටේට තමන්ගෙ අත් ගිහින් තිබුනත් කොල්ලා කීයටවත් ජීහාව සන්සුන් කරන්න ලොකුවට කරදර වුනේ නැහැ. අඬන එක දැනෙන්නෙ කොහොමද කියලා වගේම වේදනාව ගැනත් ජංගුක්ට දැන් දැනෙන්නෙ නැහැ. 

මීට අවුරුදු ගානකට කලින් තමන් තනිවුන වෙලාවෙ තමන්ව ලඟට අරගෙන සනසන්න කෙනෙක් හිටියෙ නැහැ. එහෙනම් ඇයි අනිත් අයට එහෙම නිදහසක් දෙන්නෙ?

"ඔයාටත් මගේ දුක අහගෙන ඉඳලා එපා වුණා නේද?"

ජංගුක්ගෙන් ඈත් වෙන ගමන් කියපු ජීහා තමන්ගෙ කඳුළු පිහදගත්තා. ජංගුක් බලාගෙන හිටියෙ කෙල්ල දිහාමයි. ජීහාගෙ කම්මුල් රතු වෙලා කඳුළු වලට දිලිසෙනවා. පැය දෙක තුනක ඉඳන් තමන්ගෙ දුක්බර අතීතය ගැන කියන ජීහා දිහා ජංගුක් බලාගෙන හිටියා. හැබැයි ජීහාගෙ කතාව ජංගුක්ට කිසිසේත්ම වැදගත් වුනේ නැහැ.

"මම එහෙම කිව්වෙ නෑනෙ. අඬලා කඳුළු පිට කලා කියලා ඔයාට පරණ දේවල් ආපහු හරිගස්සන්න බෑ."

"ඒත් අඬන එකෙන් දුක අඩු වෙනවා කියලා කියන්නෙ?"

"දැන් අඩු වුණාද?"

ජංගුක් අහද්දි ජීහා බිම බලාගත්තා. ආදරණීය වචන කියලා ජීහාගෙ හිත හදන්න ජංගුක්ට ඕන වුණේ නැහැ. කොල්ලා ඇත්තටම තමන්ගෙ ජීවිතේ කිසිම කෙනෙක් ගැන හිතන කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ ගොඩට ජිමින් ජින් දෙන්නා ඇතුලත් වුනේ නැහැ කියලත් කියන්නම ඕන.

පඩිපෙලෙන් නැගිටපු ජීහා තමන්ගෙ කඳුළු පිහදගෙන ජංගුක්ගෙ පැත්තට හැරුනා. කොල්ලා තාමත් හිටියෙ පඩියක ඉඳගෙන වෙන පැත්තක් බලාගෙන. 

"දැන් ගොඩක් රෑ වෙලා බනී....... නිදාගන්න යමු."

ජංගුක්ගෙ අතින් අල්ලලා කොල්ලව නැගිට්ටව ගත්ත ජීහා පඩිපෙල ලඟම තිබුණු ජංගුක්ගෙ කාමරේට කොල්ලව එක්කන් ගියා. ජංගුක්ගෙ අතින් අල්ලගෙන එහෙ මෙහෙ යන එක ජංගුක්ට කෙසේ වෙතත් ජීහාට නම් අමුතුම හැඟීමක් ඇති කලා. ඒක හරියට පොඩි දරුවෙක්ව අතින් අල්ලගෙන යනවා වගේද?

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now