Chapter 32

501 89 36
                                    


CHAPTER 32 - WHO I AM? 

__________

"My fate, come and kiss me

I just keep on chasing that feeling

Though I'm marred, leave me

I just keep on chasing, chasing that

Feeling

Chasing that feeling

Chasing that feeling

It's all I know, it's all I know"

"මොකද වුනේ...? මොකක් හරි දෙයක් හොයාගත්තද?"

"නෑ හ්යොන්ග්..... බ්ලාස්ට් එක වෙලා තියෙන්නෙ මොකක් හරි ගෑස් එකක් නිසා කියලා තමයි දැනට කියන්නෙ."

"ඕහ්...... ජීහා ගැන ආරංචියක් නැද්ද?"

"තාම පොලිසියෙන් චෙක් කරනවා හ්යොන්ග්.... කියන විදිහට නම් කිසිම බොඩි එකක් හම්බෙලා නෑ. එයාලා හිතනවා කිසිම ජීවිත හානියක් වුනේ නැහැ කියලා."

ජිමින් කියද්දි කොල්ලගෙ පිටට තට්ටුවක් දාපු ජින් හුස්මක් පහලට දැම්මා. ජින් දිහා ටික වෙලාවක් ඔහේ බලාගෙන හිටපු ජිමින් ආපහු වතාවක් පොලිස් නිලධාරීන් ඉන්න පැත්තට ගියේ එතන තාමත් බ්ලාස්ට් එක ගැන විස්තර කතා කරන නිසා තව තොරතුරු දැනගැනීමේ බලාපොරොත්තුවෙන්.

පැල්පත් නිවාස පේලියේ ගෙවල් තුනක් විතර බ්ලාස්ට් එක නිසා ගිනි අරගෙන තිබුණා. බ්ලාස්ට් එක සිද්ධ වෙලා පැය භාගයක් විතර යද්දි පොලිසියෙන් වගේම ෆයර් යුනිට් එකෙනුත් ඇවිත් තත්වය පාලනය කල නිසා වැඩි හානියක් වෙලා තිබුණෙ නැහැ. ඒත්....... එකපාරටම ඒ ගේ ඇතුලට ගිය ජීහා නැවත එලියට ආවෙ නැති එක ගැන කාගෙන්වත් අහන්න පුළුවන් තත්වයක නෙවෙයි ජංගුක් හිටියෙ.

ජංගුක් හිටියෙ රේල් පීල්ලක් උඩ වාඩි වෙලා පිච්චිලා ගිය ගෙදර දිහා බලාගෙන. කොල්ලගෙ කම්මුල් වල වේලිලා ගිය කඳුළු පාරවල් තිබුණෙ කලින් දවසෙ ඉඳන්ම කොල්ලා ඔහේ කඳුළු පිට කරපු නිසා වෙන්න ඇති. ජංගුක්ගෙ ඇඳුම් වල තැනින් තැන ඉරිලා ගිහින්... මඩ ගෑවිලා... කොන්ඩෙත් අවුල් වෙලා.. ජංගුක් තනිකරම අවුල් සහගත කෙනෙක් බවට පත් වෙලා තිබුණා. 

වෙලාව උදෑසන දහය වෙලා තිබුණත් ජංගුක්ට රේල් පීල්ල උඩින් නැගිටලා ගෙදර යන්න වුවමනාවක් නැහැ. ජංගුක්ට දැනෙන්නෙ ජීහා එක්කම ජංගුක්ගෙ ආත්මයත් ජංගුක්ව අතෑරලා දාලා ගිහින් වගේ. ජංගුක් පලවෙනි වතාවට කෙනෙක් ගැන දැනුණු හැඟීමක් හඹා යන්න පටන් අරන්. කොල්ලා දන්නෙ නෑ ඒ හැඟීමට හරි තේරුමක් දෙන්න... කොල්ලා දන්නෙ නැහැ ඒ හැඟීම හරියට විස්තර කරන්න.. ඒත් ජංගුක් දන්නවා තමන්ට දිගටම ඒ හැඟීම පස්සෙන් ලුහු බඳින්න ඕන කියලා. ජංගුක්ට මේ වෙලාවෙ දැනෙන එකම දේ ඒක. 

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now