Chapter 39

405 105 64
                                    


CHAPTER 39 - I DO ANYTHING FOR YOU MY LOVE

__________

"බ්ලැක් තන්ඩර් ඩේගු වලට ඇවිත් කියලද උඹ කියන්නෙ?"

"ඔව් බං..... බ්ලැක් තන්ඩර් බේබිව අරන් යන්න මෙහෙට එන්නම එපැයි. ජන්සෝල් බොස් කිව්වෙ ඌ ආයෙත් මෙහෙ එන්න පුළුවන් කියලා."

"මම නම් කියන්නෙ ඔය බ්ලැක් තන්ඩර් කියන එකා අපේ බොසාට වඩා වැඩ කාරයෙක්... අපේ බොසා මාස ගානක් කෙල්ල හොය හොය හිටියා ඒ අස්සෙ ඌ බේබිව අරගෙන ගියානෙ ඇහි පිල්ලම් ගහන ටිකට."

"ඒක නම් ඇත්ත බන්........."

ජන්සෝල්ගෙ ගෝලයො ටිකක් ගෙදර පහළම තට්ටුවට වෙලා කියවන දේවල් අහගෙන හිටියෙ ටේහ්යොන්ග්. කොල්ලා පඩිපෙල අස්සෙ හැංගිලා හිටපු නිසා කවුරුත් කොල්ලා එතන ඉන්නවා කියලා දැක්කෙ නැහැ. ඇරත් ඒ මිනිස්සු හිටියෙ හොඳටම මත් වෙලා. ජන්සෝල්ගෙ වැරදිත් කියන ගමන් කෑගහපු මිනිස්සුන්ගෙ කතාව නම් ටේහ්යොන්ග්ට ගොඩක් වැදගත් වුණා.

"ඒයි...... ඒයි ජැකියා...... අන්න අරූ ඇවිල්ලලු."

එකපාරටම ගෙදරින් එලියෙ ඉඳන් කෙනෙක් එතනට දුවගෙන එද්දි ටේහ්යොන්ග් පඩිපෙලෙන් උඩට දුවලා ගිහින් හැංගිලා බලන් හිටියා. ජැකී ආවෙ මොකට වුනත් ගොඩක් කලබල වෙලා ඉන්න බව නම් ටේහ්යොන්ග්ට තේරුණා. ඒ කියන්නෙ මේ කතාව නම් කොල්ලට ගොඩක් වැදගත්.

"මොකක්ද බං වුනේ....? කවුද ආවෙ?"

"බ්ලැක් තන්ඩර්...... ගෙවල් ගාවටම ඇවිත් කියලා තමයි සිග්නල් එක ආවෙ. අපි යන්න ඕන සර්ච් කරන්න.... දැන්ම යමං......"

එතන හිටපු මිනිස්සු ටික ගෙදරින් එලියට යද්දි ටේහ්යොන්ග් හැංගිලා ඉන්න තැනින් එලියට ආවා. කොල්ලා කෙලින්ම දිව්වෙ කාමරේට. බ්ලැක් තන්ඩර් ඩේගු වලට ඇවිල්ලා කියන්නෙ මේක තමයි බ්ලැක් තන්ඩර්ට පණිවිඩයක් දෙන්න තියෙන අන්තිම අවස්ථාව.

එකපාරටම කලබලෙන් කාමරේ ඇතුලට ඇවිත් දොර සද්දෙන් වහලා දාපු ටේහ්යොන්ග් දිහා ජීහා බලාගෙන හිටියෙ බය වෙලා වගේ. කොල්ලා ඉක්මනටම තමන්ගෙ ඇඳුමට උඩින් ජැකට් එකක් දාගත්තෙ මොකක් හරි ලොකු දේකට ලෑස්ති වෙන්න වගේ.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now