Chapter 15

673 110 54
                                    



CHAPTER 15 - GET AWAY FROM HER

__________


"ඉතින් කොහොමද ජීහා ඩෝටර්? කාලෙකින්නෙ දැක්කෙ... දැන් මෙහෙ එන්නෙත් නෑ කෙල්ල."

මිසිස් සේරා ඇහුවෙ ලොකු ෆ්‍රයිඩ් චිකන් බෝල් එකක් ඩයිනින් ටේබල් එක උඩින් තියන ගමන්. ජීහා අද හිටියෙ බොමීගෙ ගෙදර ලන්ච් එකට ඇවිල්ලා. කාලෙකින් ජීහා එහෙ ගියෙත් නැති නිසා වෙනසකටත් එක්ක දවල් කෑමට බොමීගෙ ගෙදර එන්න කියලා මිසිස් සේරා.... බොමීගෙ මාම් ආරාධනා කලාට පස්සෙ.

"අනේ සොරි මිසිස් සේරා.... මට ගොඩක් වැඩ තිබුනා. ඒ වුණාට බොමී නම් නිතරම වගේ එහෙ එනවනෙ."

චිකන් කෑල්ලක් තමන්ගෙ ප්ලේට් එකට දාගත්ත ජීහා කන්න පටන් ගත්තෙ කාලෙකට පස්සෙ හොඳ රසට කෑම ටිකක් කන්න ලැබුණ නිසා. මේ දවස් ටිකේම වගේ වැඩත් එක්ක හරියට කන්න බොන්න වත් වෙලාවක් කෙල්ලට තිබුණෙ නැහැ.

ජීහාගෙ ලඟම ඉඳගෙන කිසිම සිහියක් නැතුව කෑම කන ගමන් හිටපු බොමීගෙ චැටර් බොක්ස් එක ඔන් වුනෙත් ඒ වෙලාවෙ.

"මේකි ඔය බොරු කියන්නෙ මාම්....... මෙයාට තියෙන මහ ලොකු වැඩ. මටවත් නැති වැඩ එයාට කොහෙන්ද?"

"අනේ කට වහගෙන ඉන්න බොමී...... ජීහා ඩෝටර් ඔයා වගේ පිස්සු නට නට ඉන්නෙ නෑ. දැන් බලන්න ඔයා...... ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තට තාම සතෙක්ගෙ තුවාලෙකටවත් හරියට බෙහෙත් කරගන්න පුළුවන් ද?"

"හහ්...... ඒ මාම් හිතාගෙන ඉන්න විදිහ තමයි. මං මේ ලඟදි ලොකු සර්ජරි එකකුත් කලා."

කෑම එකටම මූණ ඔබාගෙන කිසිම සිහියක් නැතුව බොමී කියවගෙන ගියත් මේ වෙලාවෙ ජීහාගෙ වගේම මිසිස් සේරාගෙත් ඇස් තිබුණෙ බොමී ලඟ. එකපාරටම කට වරද්දගෙන බොමී කලේ ලොකු වැරැද්දක්. තමන්ට වැදගත් දෙයක් කරගන්න පුළුවන් කියලා පෙන්නන එක හොඳයි තමයි. හැබැයි මේ වෙලාවෙ එහෙම කලොත් ජීහාගෙයි ජංගුක්ගෙයි රහස හැම තැනටම යන්න පුළුවන්. විශේෂයෙන්ම අංකල් ලී.... ජේම්ස් වගේම තවත් ජීහාව පේන්න බැරි අයට.

ජීහා මේසෙ යටින් අත දාලා බොමීගෙ අත මිරිකුවට පස්සෙ තමයි බොමී දැක්කෙ තමන්ගෙ දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්න මාම්ව. කොල්ලටත් ඒ වෙලාවෙයි හරියටම තේරුනේ කලබල වෙලා තමන්ගෙ කටින් පිට වුනේ මොකක්ද කියලා.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now