Chapter 37

441 93 41
                                    


CHAPTER 37 - NEW BOY IS HER SAFEGUARD

__________


So I'll tell you

A million tiny things that

You have never known

It all gets tangled up inside


"ඔයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්නෙ ටේහ්යොන්ග්..."

ජීහා කියද්දි ටේහ්යොන්ග් එයාගෙ බොක්සි ස්මයිල් එකෙන් හිනාවුනා. දෙන්නම හිටියෙ ටේහ්යොන්ග්ගෙ ඇඳ උඩට වෙලා කතා කරන ගමන්. කතා කරනවා කිව්වත් දෙන්නා මෙතනට වෙලා එකේක දේවල් කලා. ටේහ්යොන්ග් ජීහාට ඇහෙන්න එයාගෙ ගැඹුරු කටහඬින් ලස්සන සිංදුවක් කියද්දි ජීහා හරි ආසාවෙන් අහගෙන හිටියා. ඒ වගේම ඇඳ පුරාම විසිරිලා තිබුණු කොල වලින් පෙනුණෙ දෙන්නගෙම චිත්‍ර හැකියාව ගැන.

ජීහා ටේහ්යොන්ග් දෙන්නම හිටියෙ ඒතරම් හොඳ මානසික තත්වයකින් නෙවෙයි. ඉතින් ටේහ්යොන්ග් තීරණය කලා දවසම ඔහේ කල්පනා කර කර ඉන්න ජීහාගෙ මූණට හිනාවක් ගේන්න ක්‍රමයක්. ඒ අනුව තමයි කොල්ලට ඕන වුණේ රූපයක් ඇඳලා ඒ මොකක්ද කියලා අඳුරගන්න විදිහෙ ගේම් එකක් කරන්න ජීහා එක්ක.

"මේ මොකෙක්ද කියන්න බලන්න......"

"ඔය.... ඌරෙක් නේද?"

ටේහ්යොන්ග් ඇඳලා තිබුණු අං දෙකක් තියන සතා දිහා ඔළුවත් හරවලා බලපු ජීහා කියද්දි කොල්ලා නෑ කියන්න වගේ ඔලුව වැනුවා. 

"නෑ නෑ අනේ..... තව පාරක් ට්‍රයි කරන්න..."

"ඔය..... එළුවෙක්? හරකෙක්? මුවෙක්?"

"නෑ නෑ අනේ...... ඇයි ඔයාට මෙච්චර තේරෙන්නෙ නැත්තෙ හුම්....."

කොල්ලා ගස්සලා අහක බලාගත්තෙ මූනත් අවුල් කරගෙන. ටේහ්යොන්ග් කියන්නෙ හරිම යුනික් චරිතයක්. එයා කරන කියන කිසිම දෙයක් සාමාන්‍ය මනුස්සයෙක්ට ඒතරම් ලේසියෙන් අඳුරගන්න පුළුවන් වුනේ නැහැ. ඉතින් එහෙම එකේ ජීහාට බැරි වෙන එකේ පුදුම වෙන්න දේකුත් නැහැ.

"හරි හරි ඉතින්..... මූණ නරක් කරගෙන ඉන්නෙ නැතුව ඔයාම කියන්නකො."

"හ්ම්...... මේ ඉන්නෙ ඇතෙක්........"

එකපාරටම ජීහා කටත් අත් දෙකෙන් වහගෙන හිනාවෙන්න පටන් ගත්තෙ ටේහ්යොන්ග්ගෙ ඇතාගෙ දල දෙක කොහොමද ඔලුවට උඩින් ආවෙ කියලා කල්පනා කරන ගමන්. ඒක එහෙම තමයි.... කොහොමත් මේ ඉන්නෙ ටේහ්යොන්ග්නෙ.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now