Chapter 14

582 118 86
                                    


CHAPTER 14 - I'M TAKING OVER YOU

__________


"පාර්ක්........ පාර්ක් ජිමින් කොහෙද ඉන්නෙ?"

"එයාව ඔපරේෂන් තියටර් එකට ගත්තා සර්...."

හොස්පිට්ල් එකේ රෙසිප්ෂන් එක ගාවට කලබලෙන් වගේ දුවගෙන ආපු ජංගුක් ජිමින් ගැන ඇහුවා. ඇක්සිඩන්ට් එක නිසා ජංගුක්ට සුළු තුවාල ටිකක් විතරක් වුනත් ගහක හැප්පුන ජිමින්ට නම් බරපතල තුවාල වෙලා තිබුණා. කොල්ලව හොස්පිට්ල් එකට ගෙනාවට පස්සෙයි ජංගුක් එතනට ආවෙ.

ජිමින්ව ඔපරේෂන් එකකට ගත්තා කියලා දැනගත්ත ගමන්ම ජංගුක්ගෙ හුස්ම හිරවෙනවා වගේ දැනුනා. ඒත් මේ වෙලාවෙ කලබල වෙලා තේරුමක් නැහැ. ජංගුක් දුවගෙන ගියේ ඔපරේෂන් තියටර් එක පැත්තට. ජංගුක් එතනට යනකොටත් ජින් හිටියෙ තියටර් එක ඉස්සරහා තිබුණ පුටුවකින් වාඩි වෙලා.

"ජින් හ්යොන්ග්.........."

ජංගුක් ජින් ගෙ පැත්තට දුවගෙන ගියා. ලේසියෙන් අඬන්නෙ නැති දරුණු බ්ලැක් තන්ඩර්ගෙ මූණ පුරාම කඳුළු වගේම දාඩියත් තිබුණා. ඇඳුම් අවුල් වෙලා දාඩිය පෙරාගෙන හිටපු කොල්ලව පෙනුණෙ පිස්සෙක් වගේ. ජංගුක් ලඟට එද්දි ජින් ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා.

"කුකී............."

"හ්යොන්ග්....... ජිමින් හ්යොන්ග්ට මොකද? එයාට අමාරුවක් නෑ නේද? අනේ කියන්නකො හ්යොන්ග්. ඇයි එයා ඒ විදිහට මැද්දට පැන්නෙ ආආආ..."

තමන්ගෙ කොන්ඩෙ අත් වලින් ඇදගන්න ගමන්ම ජංගුක් පුටුවෙන් ඉඳගත්තා. ජින්ට කතා කරන්න වචන ගලපගන්න ලේසි වුනේ නැහැ. ජින් කියන්නෙ කොහොමත් ගොඩක් සංවේදී කෙනෙක් එයාගෙ අය සම්බන්ධව. ජින් ජංගුක් ලඟින් ඉඳගෙන කොල්ලගෙ පිට අතගාන්න ගත්තා. ජංගුක් තාමත් අඬනවා. සාමාන්‍යයෙන් කාගෙවත් ලඟදි අඬන්නෙ නැති වුනත් ජින් ලඟදි කොල්ලා එහෙම කලේ නැහැ.

"හ්යොන්ග්........ ඇයි..... ඇයි එයා මෙහෙම දෙයක් කලේ....?"

"ඔයාව බේරගන්න බ්ලැක් තන්ඩර්........."

එකපාරටම කෙනෙක්ගෙ කටහඬක් ඇහෙද්දි ජංගුක් ඉක්මනින්ම ඒ පැත්තට හැරුනා. ඇවිල්ලා හිටියෙ යුංගි හෝසෝක් දෙන්නා. ජංගුක් තමන්ගෙ කඳුළු පිහදගන්න ගමන් නැගිට්ටා.

Chasing That Feeling || JJK ✓Where stories live. Discover now