පලමු දිගහැරුම 🔅

556 36 13
                                    

මම කොහෙන් පටන් අරන් කොතනට වෙන්කන් කියන්නද කියල මට හිතාගන්න අමාරුයි .හැමදේම වෙනස් වෙන්න යන්නෙ හරි ටික කාලයයි කිව්ව්ට මන් විශ්වාස කරේ නෑ .මොකද මගේ ජීවිතේ කියන්න තරම් ලොකුවට වෙනසක් අද වෙනකන් වෙලා තිබුනෙ නෑ."මම සහස් හිමංස ". ඕක මට මතක  එකත්  පුදුමයි .ගොඩක් අය මට කතා කරන්නෙ නම කියල නෙවේ උන්ට ඕන නම් වලින් ...නැ ආදරේට කියන නම් වලින් නෙවේ උන්ට මගෙ චරිතෙ  පේන විදියට . කාලකණ්නියා ,තාත්තව මරා ගත්ත එකා, පාහරයා තව එක එක ඒව තිබ්බ මට ඔලුවට එන්නෙ නෑ.

ජීවිතේ තියෙන්නෙ විදින්න කියල සමහරු කියයි හැබැයි ඒක කියන අයට සමහර විට ඒක නිකන් වචනයක් විතරක් වෙන්න පුළුවන් .ජීවත් වෙන්නංවාලෙ ජීවත් වෙන මන් වගේ උන්ට ඒක තවත් එක හීනයක් විතරයි .ජීවත් වෙන්න හේතු තියෙන්න ඕනෙ නැත්නම් අඩු තරමින් පුංචි හරි බලාපොරොත්තුවක් .ඒත් මම ජීවත් වෙන්නෙ මැරෙන්න බැරි කමට . මොකද ඒකටවත් මට අයිතියක් නෑ .

මම සහස් කිව්වට උබලට මේ නම පිටිපස්සෙ ඉන්න එකා ගැන කිව්වෙ නෑනේද .
මට 19 ..19 කිව්වට හරියටම 19 නෑ මන් dec 31 එතකොට හරියටම බැලුවොත් මට තාම 18 යි මාස ගානක් වෙන්නෙ ..මගේ තාත්ත නැතිවුනේ මට අවු.12 දි .ඒ දවස මතක් වෙද්දිත් මගෙ ඇස් වලින් පහලට එන කදුලු නවත්ත ගන්න මට තාමත් බෑ. එදායින් පස්සෙ තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තෙ . පොලවත් දෙදරල යන තරම් තදට අකුණු එක්කම වැස්ස දවසක් .මම මගේ තීන හිතුවක් කාර කමට තාත්ත ගෙදර ඉන්න කිව්වත් මියුසික් ක්ලාස් ගියේ මන් මේ ලෝකෙ වැඩිපුරම කැමැත්තක් තීන එකම දේ ඒක නිසා.හැබැයි මෙහෙම දෙයක් වෙන්න තීනව කියල දන්නවනම මන් හීනෙකින්වත් එදා ඒ ගමන යන්න හිතන්නෙවත් නෑ.වැස්ස නිසාම එදා ක්ලාස් එක කලින් ඇරියා. මන් ලග එතකොට 4න් එකක් නෑ .මන් මිස්ගෙ 4න් එකෙන්ම තාත්තට ඩයල් කරේ ඒ වෙනකොටත් එතන ක්ලාස් එක ලග මිස් එක්ක ඉතුරු උන එකම ලමය මන් උන නිසා. දෙපාරක් විතර රින් උන ගමන් ආන්සර් කරම මන් තාත්තට එන්න කියල ,කොරිඩෝ එකට වෙලා කුඩෙත් ඉහලගෙන බලන් හිටියා.එතන වහලක් තිබුනට හුලං පාර සැරට හිරිකඩ ඇගේ වදිනව .ඈත තියාම තාත්තගෙ කා එක අදුරගත්ත්ම මන් තාත්ත කා එක හරවගන්නත් කලින් එතනට දුවන් ගියා .තාත්ත කා එකේ ලොක් එක ඇරියම මන් කුඩෙත් අකුලන් කා එකට නැග්ගා.

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now