දහනමවන දිගහැරුම 🔅

135 33 31
                                    

" ස්නේහ !!
උ උබ කොයි වෙලේද ආවේ !! "

' ඒක නෙවේනෙ තේජාන් ප්‍රශ්නෙ උබල ඕන මගුලක් නටාගනින් .ඒත් මේක මගුල් නටන තැනක් නෙවේනෙ තේජාන් අහ් ! උබල කරගන්න ඕනෙ මගුලක් ගේට් එකෙන් එලියෙ කරගනින් !!  '

" උබ කියන මගුලක් උනේ නෑ බන් මෙතන ! "

මේ වචන හුවමාරුව අතරත් හිමංස තාමත් ඉන්නෙ වෙනම කල්පනාවක අඩුම ස්නේහ ආවද කියන්නවත් හිමංසට සිහියක් නෑ .

ස්නේහගෙ ඇස් හරි කලබලෙන් කේන්තිය පිරුනු කුතුහලෙන් හිමංස ලග මේ විනාඩි ගානට කීප පාරක්ම නතර උනා.

"' තේ තේජාන් ඔයා ඔයා මොකක්ද කිව්වේ .මට මට ආයි කියන්න ! ඔයාද ඒක එව්වේ අහ්හ් ! කියපන් උබද එව්වේ ! මට මට උබේ ෆෝන් එක දියන් දැන් දැන් පෙන්නපන් "'

ඔලුව වටේම තීන එක එක දේවල් වලින් එක පාර හිමංස හැරුනෙ තේජාන් පැත්තට .
තේජාන් ස්නේහ දෙන්නම වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව එයාලගෙ කතාව අමතක කරල දෙන්නම පුදුමෙන් බලන් ඉන්නෙ හිමංස කියන දේ ගැන .

"' ස්නේහ ස්නේහ උබ ලගවත් නැද්ද ෆෝන් එක ! ගනින් කෝ බන් ! තේජාන් උබ කියපන් උබද ඒ ෆොටෝ එක එව්වේ ! "'

" හිමංස ? මොකක්ද කියන්නෙ ! තේරෙන්න කියපන් "

"' ස්නෙහ ස්නේහ උබ උබ ෆෝන් එක ගේන්වනේද මට මට උබේ ෆෝන් එක පොඩ්ඩක් දියන් "'

වෙන දේවල් මොනාද කියන්න ස්නෙහ තේජාන් දෙන්නටම ප්‍රශ්නයක් උනත් හිමංස මෙච්චර කලබලෙන් ඉල්ලන නිසාම තේජාන්ටත් කලින් ස්නේහ තාමත් ගලවපු නැති එක පටියෙන් එල්ලන් ඉන්න බෑග් එකෙන් මොබයිල් එක අරන් හිමංසට දුන්නේ ලොක් එක එයාම ඇරල දෙන ගමන්.
වේගෙන් හුස්ම ගන්න ගමන් වට්සැප් ලොග් උන හිමංස සර්ච් බාර් එකට ගිහින් තේජාන්ගෙ නම ගහල ඒකෙ ඉන්ෆො වල නම්බර් එක බැලුවා.
ඒත් හිමංසට නම්බර් එක කොහෙත්ම මතක නෑ අනික ෆොටෝ එක එවපු චැට් එක එයාම ඩිලීට් කරේ අනික ඊයේ ආපු මැසේජ් එක ඒ නම්බර් එකද කියන්නවත් හිමංස දන්නෙනෑ !!
එක පාරම හරි සිහියට ආව හිමංස
පුටුවෙන් වාඩි උනා .ඒක ඇදගෙන වැටීමක් කිව්වොත් හරි . තාමත් අත උඩ තීන ෆෝන් එක ඩෙස් එකෙන් තිබ්බ හිමංස තනි අතින් නලලෙ ඉදන් මූන දිගේ පහලට අරන් ආවේ දිග හුස්මක් නොදැනුවත්වම එයාගෙ නාස් පුඩු වලින් පිට වෙන අතරේ .
තේජාන් ! ස්නේහ තාමත් උන දේට ප්‍රතිචාර දක්වන විදියක් නොදැන වගේ පුදුමෙ පිරුන ඇස් වලින් හිමංස දිහා බලන්.

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now