විසිඅටවන දිගහැරුම 🔅

149 28 36
                                    

කරදර එන්නේ එකපිට කියනවනෙ . හුස්ම ගන්න පටන් ගන්නකොටම කදුලු පුරවගත්ත ඇස් කදුලු වලින් පෙගුණෙ නැති දවස් ගාන මගේ අතේ ඇගිලි වලින් පෙන්නන්න පුළුවන් .
අද උදේ ඉදන් හිතට දැනුනෙ නුහුරු බයක් .
වෙනද දැනෙන බය චකිතෙ වැඩියෙන් දැනුන . සමහර විට මේ නිසාද ? එහෙම නැත්නම් මීට වඩා දේකට මට මූණ දෙන්න වෙනවද ?

ස්නේහ යන්න ගියත් තේජාන්ගෙ වචන වලට නතර වෙනකොට මගේ මැනික් කටුව ලග තද වෙලා තිබුන අත තේජාන් ඇතෑරියා .
මට පස්සෙන් වැද වැටිලා මේකයි බන් උනේ කියාගෙන හේතු කියන්න මහන්සි වෙන්න බෑ .

" බලාගන්න බාරගත්තනම් පරිස්සම් කරගනින් . "

තේජාන් ඇහෙන නෑහෙන  ගානට උනත් හෙමින් කිව්ව වචන ටික ස්නේහට විතරක් කිව්වා උනත් මටත් හොදටම ඇහුනා .
පෑරුන තුවාලෙ ලාවට උඩින් තීන සුදු පෙගුන ටී ශර්ට් එක උඩ ලේ රතු පැල්ලමක් හදවල තිබ්බා .
තේජාන් ගිය ගමන් ස්නේහ අඩිගානකින්  අපි අතර පරතරේ අඩු කරල කෙලින්ම මගෙ ඇස් දිහා නොබලම ලාවට රතු පාට පපුව දිහා බලල මගෙ ඇස් එක්ක විනාඩි ගානක් කතා කරා .වචන වලින් නෙවේ හැගීම් .තේජාන් එක්ක හිටිය විදිය ගැන ඉරිසියාවක් මට ඒ ඇස් වලින් පෙනුනා .එතකොට මන් දැන් ඒ ඇස් කියවනවද !

" ඌමද "

ඇස් වෙන කතාවක් කියනකොට එයා වචන වලින් ඇහුවේ වෙන දෙයක් .

'අතෑරලා දාපන් . '

එතනින් එහා වචනයක් කතා නොකර ස්නේහ තේජාන් අල්ලගත්ත මැණික් කටුව ලගින්ම තද කරල අල්ලගත්තා .
ඒක රිදුණා නෙවෙයි ඒක දැනුනා කිව්වොත් හරි .
එකම තැනට එකම විදියෙ ස්පර්ශයක් උනත දෙවිදියක දැනීමක් .

' ස්නේහ කොහෙද ඇදන් යන්නේ ? මන් කිව්වනෙ අතෑරල දාපන් '

සෙනග අස්සෙන් මහපාර ලගට එනකනුත් එයා වචනයක් නොකියා යනකොට මමත් එයාගෙ පස්සෙන් ගියා.
සෙනායා ලගට දුවන් ඇවිත් මන් දිහා බලල ඇයි අහනකොට මට දීගන්න උත්තරයක් තිබ්බේ නෑ .
උන දේ සෙනායා දකින්න නැතුව ඇති .

හැබැයි දේවින්ද දැක්ක නිසා ඌට අවුල් ගියනිසා වෙන්නැති සෙනායට ස්නේහ ගෙදරට ගිහින් ටී ශර්ට් එකමාරු කරන් එන්නම් කියල ආපහු හරවල යැව්වත් දේවින්ද ආපහු නොගිහින් එතන හිටියෙ.

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now