විසිවන දිගහැරුම 🔅

134 29 33
                                    

' ස්නේහ මාව -

මට කියාගන්න පුළුවන් උනේ එච්චරයි .
උගුරෙ හිරකරන් හිටිය ඉකිය ආපහු කිසිම අනුකම්පාවක් නැතුව ස්නේහ ඉස්සරහම විනාඩි ගානක් කදුලු එක්කම පිට උනා.
කොල්ලෙක් වෙලත් මෙහෙම ස්නේහ ඉස්සරහම අඩන්න උන එකට නම් මට දැනෙන්නෙ කියාගන්න බැරි අසරණ කමක් .

" හිමංස මං...... උබට නෑ ......අඩන්න දෙයක් ......මන් ....ඒ ......බන් "

එයාගෙ වචනත් හිරවෙලා .එයා හිතන්නෙ එයා කිව්ව දෙයක් නිසා කියලද !? කොච්චර සැරෙන් කිව්වත් එයාගෙ වචන වල ඉස්සර තිබ්බ තරහ නෑ කියන්න මන් දන්නවා.

" උබ ... නෑ .... මන්.... මන්..... තේජාන් ඇවිත්ද කියල බලන්නද !? ඌට කතා කරන්නද !? මන් .... හිමංස කියපන් අඩන එක නවත්තපං බන් .... ඒ ..ඉදහන් මන් බල - "

එයා එච්චරද කියන්න දන්නේ !? අඩුම අඩන මනුස්සයෙක්ව තව අඩවන්න හදන්නේ .
තේජාන්ට කතා කරන්නේ !?
මට ඕනෙ උනෙ තනියම ඉන්න තමයි ඒත් ස්නේහව යවන්න නම් දැන් මගේ හිතේ කොනකවත් නෑ . යටි හිත එයාව ඉල්ලල මොර දෙන තරම එයාට ඇහෙනව නම් ! එයා ආයි තේජාන්ට කතා කරන්න හදපු එකට පවා පසුතැවේවි.

මන් අසරණයි .ස්නේහට කියන්නද ! ඒත් කොහොමද කියන්නේ.! විශ්වාස කරයිද . මට මතක් වෙන මතක් වෙන පාරට ඉකි ගැහුනා මිසක එක වචනයක් කටින් පිට උනේ නෑ .ස්නේහ නැගිටලා යන්න ගියත් අදනම් කොහෙත්ම මට මෙතන තනි වෙන්න බෑ .
මන් එයාගෙ අතේ මැණික් කටුව ලගින් තද කරල අල්ල ගත්ත .යන්න ගිය එයා ආපහු එතනින්ම වාඩි උනා.
ඒ ඇස් කලබලයි.! ඔච්චරටම කලබල වෙන්න එපා ස්නේහ උබ ඔහොම වෙද්දි මට මොනාද වෙන්නෙ කියපන් .

මගේ අත එයාම මැනික් කටුව ලගින් අයින් කරා. වෙනදට තනියෙන් ඉකිගහල අඩන මට තව කෙනෙක් ඉන්න තැන අඩන එකනම් ඇත්තටම අපහසුවක් වගේ .
එයාව අල්ලගත්ත මගෙ අත උඩින් අර නහර පිරුනු අත තියල තද කරල අල්ලගත්තා .ස්නෙහගෙ අනිත් අත කර වටින් දාලා මගේ දකුනු උරහිසින් දාල තද කරල අල්ලගත්තේ එක තත්පර ගානකට ඉකි ගහන එකත් මට අමතක වෙද්දි.
එයා මාව එයාගෙ උරහිසට හේත්තු කරගත්තේ නෑ .ඒත් ඒ වෙලාවෙ එයාගෙ අත කරවටේ තීන එකත් මට හය්යක් වගේ .
මන් තාමත් වචනයක් කියාගන්න බැරි තරම් මගේ ඇතුලෙන්ම මාව හිරවෙලා වගේ .
හිත හිරිවැටෙන හැගීමක් එක්ක වචන නැතුව මන් ලතවෙනවා .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Onde as histórias ganham vida. Descobre agora