හත්වන දිගහැරුම 🔅

153 27 55
                                    

මුලු පලාතම තීන සීතල දෙගුන වෙන්න ඈතට ඇදිල යන හුලං රැල් එන්න එන්නම වැඩිවෙද්දි බියර් ටින් වලට තොල ගාගෙන හිටපු උනුත් හෙමීට කාමර වලටම හෑටුවා.ගුරුවරු ලමයි හැමෝම කාමර වලට ගියා කියල තේරුණ ගමන් එයාලත් කාමර වලටම ඉක්මනින් ගියේ එන්න එන්නම වැඩි වෙන ගල් හැහෙන හීතල දාරාගන්නම අමාරු වෙද්දි .කාමර වලට ගියපු හැමෝටම තිබුන හීතල එක්කම කිටි කිටියෙ පොරවගත්ත රෙද්දට ගුලි වෙලා නින්දට වැටුනා.ගැහෙන්න තරම් හීතල උනත් කෙනෙක් ඇරෙන්න මේ වෙලාවෙ හැමෝම දවසෙ විඩාව නිසා ඇස් තදේට පියාගෙනම සීතල එක්ක එන පොඩි වෙවිලිල්ල එක්කම හැරුන හැරුන අතට නිදි .

හිමංස ගැහෙන්නෙ නම් සීතලකට නෙවෙයි . තාමත් උන දේ හිතාගන්න බැරිව අහස පොලව ගැටගහන්න තරම් බර කල්පනාවක .හීතලට නින්ද නොයා ඉන්න තරම් හිමංසට මොකද උනේ .හිමංස මුලු හිතින්ම ගැස්සිලා .කදුලින් බර වෙලා තිබ්බ ඇස් හරි අමුතු කල්පනාවක ගිලිලා .

<<<<<

"" හිමංස ඉන්න .""

එයාට මට කතා කරන්න කිසිම උවමනාවක් නෑ .මොකටද මෙයා මාව නතර කරන් කරන්න හදන්නෙ .ටිශූ එකට පින් සිද්ද වෙන්න කදුලු ටික මූනෙන් නොවැටුන ගානට තිබ්බත් ඇස් වල රත නම් ටිශූ එකට ඇදගන්න බැරි වෙන එක ගැන පසුතැවිල්ලෙන් හදවතම දෙගිඩියාවකින් ගැහෙන්න ගත්ත.මන් කිසි වෙනසක් නැතුව ස්නේහගෙ පැත්ත හැරුනා.මන් එහෙන්මම එයාගෙ මූන දිහා බලන්නත් කලින් මගෙ ඇස් නතර උනේ එයා තදේට අල්ලන් හිටපු මගේ අතට .
එයා ඒ සැනින් මගේ අත ඇතෑරියා .

"" ඇ ඇයි ස්නේහ ? ""

"" නෑ මේ ම මේ ඔයාගෙ.........""

ඔයාට වචන නැතිවෙන්න හේතුවක් නෑ ස්නේහ .මමයි මෙතන වචන එලියට එන්න බැරි තරමනට අසරණ වෙන්න ඔනෙ .බියර් එකක්ද නැත්නම් එයා වෙන ජාතියක් බීලද කියන සැකෙත් මට ආවෙ එයා ලගින් තදටම ආපු සැර ගද නිසා.එයාට වචන පැටලුනේ ඒ නිසා විතරද .

" කියන්න ස්නේහ "

"" මට ඔයාගෙ නම්බර් එක දෙන්න ""

එච්චරයි .සමහර වෙලාවට මට හිතාගන්න බැරි ඇයි මන් මෙච්චරම බොලද කියල.ඔලුව ඇතුලෙ කුතුහලේට ආව එක එක දේවල් නිසා මන් ගැන මටම ආපු කලකිරිල්ලක් එක්ක මන් ස්නේහ දිහා බලන් ලාවට හිනා වෙලා එයාගෙන් 4න් එක ඉල්ලන්න අත දික් කරා .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now