දහහතර වන දිගහැරුම 🔅

127 21 50
                                    

අපිට අපි නොහිතන තරම් දේවල් වලට ජීවිතේ මුහුන දෙන්න වෙනවා .ඒක අපට සතුටට , අසතුටට හේතු වෙන්න පුළුවන් .කොච්චර අමාරු උනත් පැනල දුවන්න බැරි තරම් හරි අමාරු කාල එනවා .
එක යායට තීන මල් ගස් දහස් ගානක් තීනව හිතන්න, ඒ ගස් එක එක කාල වලට එන ඍතු වලට මල් පිපෙන්න ගත්තත් සමහර ඍතු වලටම පරවෙනවා.දරාගන්න බැරි තරම් ඝ්‍රීශ්මෙට දරාගන්න බැරි තරම් තද හුලං සුලි කුනාටු මේ හැම දේම දරාගෙන වසන්න කාලෙ එනකන් ඉන්න පුළුවන් වෙන්නෙ ගස් දෙක තුනකට විතරක් වෙන්න පුළුවන් . එක්කො ඒ අමාරු කාල වල පෙති නැති හිස් නටුවක් හදල පරවෙලා නැතිවෙලා යන මල් , නැත්නම් වසන්තේ බලන්න තරම් ආයුශ නැති මල් ගස් වෙන්න පුළුවන් .
සමහර ගස් වසන්ත කාලෙ එනකන් හරි අමාරුවෙන් දරාගෙන ඉන්නවා. වසන්තය කියල රැවටුන සීත ඍතුවල ඉතුරු උන මල් එක්ක වැලපෙන තරම මල්ම විතරක් දැනන් හිටියා.කොච්චර අමාරු කාල උදා උනත් අනිවාර්යයෙන් වසන්තය තව මල් දසදහස් ගානක සුවද බලන්න හරි නොඉවසිල්ලෙන් .
වසන්තය ඒවි ඒත් ඊට කලින් ගිම්හාන ඍතු ගොඩක් මල් පරවෙනවා බලන්න මග බලන් ......!
වසන්තය ආව දවසක දරාගන්න බැරි තරම් සුවදට මල් සියදහස් ගානක් පිපේවි .එදාට ඒ මල් සුවදටම වසන්තය උනත් මගඅමතක වෙලා සදාකාලික වසන්තය උදාවෙන්නත් බැරි නෑ.

සමහර දවස් සමහර මොහොතවල් තීනවා කොච්චර හිත පාරල ඇදුම්කන තරම් වේදනාවෙන් පහුරු ගෑවත් වරුගානක කදුලු නතර කරල බර හුස්මක් පිට කරල අදුරු මතක වලට එකතු කරගන්න වෙන.
කෙනෙක් හිතාවි හැගීම් නිසා විදවන එක විහින් කරගන්න දෙයක් කියල ඒත් විදින විදවන කෙනාට දැනෙන දේවල් වලටත් ඒ වචන අපහාසයක් .

අම්ම ගැන ස්නේහ දන්නෙ කොහොමද !? තේජාන් ගැන ,මන් ගැන ස්නේහගෙ හිතේ ඇයි මේ තරම් විස පිරිච්ච වැරදි අදහසක් !?
නැත්නම් වෙන තරහක්ද !? අනික අම්මගෙ දෙයකට මාව මේ තරම් දරුනු පහත් වචන වලින් ආමන්ත්‍රණය වෙන්න තරම් මගෙන් මොකක්ද උනේ !
ප්‍රශ්න දාහක් ? නෑ ඊටත් වැඩි ඇති .
ඒත් අන්තිමට මන් බර හුස්මක් එක්ක 'එයා හොද සිහියෙන් නෙවෙයි ' කියන හරි ලස්සන කල්පිතය ලග නැවතිලා .!
මෝඩ ඇති .! ඒත් මන් මොකක්ද කරන්නෙ ! මට කෑ ගහල කියන්න ඕනෙ අහන්න ඕනෙ ස්නේහ ඇයි මට මෙහෙම කරන්නෙ කියල ! ඒත් ,  නෑ හැමදාම ඒ මොහොත මතක වේදනාව කදුලු එක්කම මගේ මතක වල තියේවි .
හිත ඒක කලු  !? අලු !? මැයි මාර !? මන් දන්නෙ නෑ ! ඒත් හිත කලබල වෙලා ඒක කුණු ලේ පාට වෛරය කියන මතක වලට ඒක එකතු කරන එකක් නම්  නෑ .!

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now