තිස්දෙවන දිගහැරුම 🔅

121 24 16
                                    

දැන් පැය බාගෙකටත් වැඩී සෙනායා රැල්ල පාගනවා . මන් බීච් එකට අකමැති නෑ .ඒඋනත් මහා ලොකු ආසාවක් නෑ .වාඩිවෙලා හුලං පාරෙ සැරට මූණ අල්ලගෙන ඉන්නවා .
මූණත් දැන් ඇලෙනවා වගේ .
දෙතුන් පාරක් රැල්ල පාගල උඩට කරගත්ත ඩෙනිම එහෙන්මම තීද්දි වැලි කකුල් දෙකේ තිනකොටම හෙවණ හරියෙන් මන් වාඩි උනා.

කේශාන් නංගි එක්ක වෙරලෙ ටිකක් ඈතට ගියා . තේජාන් සෙනායට ටිකක් එහා තිබ්බ ගල් පරේ දිගේ එහාට ඇවිදගෙන ගිහින් ගලක් උඩ  වාඩි වෙලා.
ස්නේහ සෙනූ එක්ක කතාවක තාමත් පරණ දේවල් අමතක කරන්න හැමෝම ගන්නේ උත්සහයක් .නොකිව්වට අපි -අපි කතා නොකරත් අපි හැමෝම ඇතුලෙ අනිත් කෙනා වෙනුවෙන් පැහැදිලි කිරීමක් කරන්න  තාමත් ඉතුරු වෙලා තීනවා .හරියට සෙනායට - මගෙන් ,
මට - සෙනායගෙන් , සෙනූට - මගෙන් අපි හැමෝටම කතා කරන්න දේවල් තිබ්බා අතීතෙ ගැන .සමහර විට ඒක අපි - අපි අතර අමතක වෙලා යන්නත් පුළුවන් එහෙමත් නැත්නම් දවසක දිග කතාවක පටන් ගැන්මක් වෙන්නත් පුළුවන් .

තේජාන් ගැන හැගීමක් සෙනූගෙ හිතේ තදින්ම තීනවා එයා නොකිව්වට ඒක මට හොදටම දැනෙනවා .
මන් හොස්පිට්ල් ඉන්නකොට සෙනූයි සෙනායයි ලග හිටියෙ හැම වෙලේම වගේ . තේජාන්ගෙ ගෙදර අය ආවම සෙනූ අකමැති උනා ඉස්සරහට එන්න .එදා නංගිලා දෙන්න මන් එක්ක කතා බහ කර විදිය තේජාන්ගෙ අම්ම මන් එක්ක කතා බහ කල විදිය ගැන සෙනූ බලන් හිටියෙ උනන්දුවෙන් ඒක මට හොදට තේරුණා .

තේජාන්ගෙ හිත ගැන මන් දන්නෑ .එයා තාමත් පරණ දේවල් මතක තියන් ඉන්නවද එහෙම නැත්නම් මොනවගේ දෙයක් එයාගෙ හිතේ තීනවද කියන්න මන් දන්නෑ .හැබැයි නොකිව්වට සෙනූ තේජාන් මේ ගෙවුන කාලෙ අතර යාලුවො විදියට ගොඩක් ක්ලෝස් උනා.
එකතුවීමක් තීනවනම් ඒකට කාලෙ ලස්සනට හේතු හදල වෙන් නොවෙන තරම්ම එයාලව ලං කරාවි .
බලාගෙන ඉන්න එකයි කරන්න තීන්නේ .

"' හිමංස "'

දේවින්ද සෙනායා එක්ක එදා තේජාන්ගෙ සීන් එක කිව්ව දවසෙ ඉදන් හ්ම් නෑ .
පව් මොනා උනත් පිවිතුරු ප්‍රේමෙනෙ . එනකොට පේනවා මොකටද  කෙකරගාන්නෙ කියල .

' ම්ම්ම් කියපන් මොකෝ අවුල '

"' සෙනායා ..."'

' ඉති~න් '

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Tempat cerita menjadi hidup. Temukan sekarang