නමවන දිගහැරුම 🔅

138 30 22
                                    










ඉතින් හැමදාම වගේ මේ පාරත් මන් මගේ හැගීම් වලට රැවටුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් හැමදාම වගේ මේ පාරත් මන් මගේ හැගීම් වලට රැවටුනා .
එයාගෙ අතේ කිසිම වැරැද්දක් නෑ .මමයි හැමපාරම වගේ මේ පාරත් හැගීම් ලග මෝඩ උනේ.මට හිතන්න තිබ්බ .මූන දිහා බලල කතා කරන්න තියා අඩුම මූන දිහා බලල එක පාරක් හිනාවෙන්න බැරි කෙනා අච්චර දේවල් කියද්දි මට හිතන්න තිබ්බා..මන් කොහොමද එච්චරටම මෝඩ උනේ .මේ හැගීම් එදා වගේම මාව ගොඩ එන්න බැරි තරමට අසරණ කරා .මන් අකමැති උනේ මේකයි .මන් එපා කිව්වෙ මේක .අලුත් දේවල් එක්ක හැංගිලා තීන ඒ වේදනාවටයි මන් බය උනේ ඒකයි  .ඒත් මන් වරද්ද ගත්තා .හැගීම් ලග අසරණ උන මම රැවටුනා .ඇයි මන් ඒ  ස්නේහ කියල හිතුවෙ .ඒ තරමට මන් හැගීම් වලට වහල් වෙලාද .ඇයි මට හිතන්න බැරි උනේ මන් වගේ කෙනෙක්ට එයාව ගැලපෙන්නෙ නෑ .එයාට දැනටමත් එයා හොයන ආදරේ ලැබිලා තීද්දි ඇයි මන් වගේ කෙනෙක් ගැන වදවෙන්නෙ. එච්චර මෝඩඋනේ ඇයි මම .
මට මේ දැනෙනෙ වේදනාවට තාම කදුලු එන්නෙ නැති එක ගැන පුදුමයි .එක අතකට ඒවා වේදනවටම ඇස් කෙවෙනි වලින් එන්න බැරි තරමට වේදනාවෙන් උනුහුම් වෙලා වාශ්ප වෙනවා ඇති .නැත්නම් මේ ලැජ්ජාව එක්ක දැනෙන වේදනවට මට කදුලු උනන්නෙ නැතුවැති .මන් එක අතකට ඒ දේ ගැන ආයි අයිම අර හැමදාම ස්තූති කරම දෙවියන්ට ස්තූති කරා .මන් තාමත් ඉන්නෙ පන්තියේ . ඉතින් එක දිගට අර කදුලු ඇස් දිගේ ඇවිත් බේරෙන්න ගත්තොත් මේ ලැජ්ජාව එක්ක දැනෙන වේදනාව කදුලු විදියට පිට උනොත් ටිශූ වලින් ඒක නතර කරගන්න බැරි වෙයි .එහෙම උනොත් මන් මේ කදුලු වලට හේතු අහන අය ලග ආපහු නිරුත්තර වෙයි .




















තේජාන් තමයි .ඔව් එයා වෙන්නැති .ඒකනෙ ස්කූල් එනවද ඇහුවම  "ඔව් දන්නොනේ "   කියල එවන්න කිසිම හේතුවක් නෑනෙ .එදා අහිංසාගෙ පාටි එකේදි තේජාන් හිනා උන හිනා විල්ලෙන් මට තේරුනා එයා එන්නෙ මොන සෙල්ලමටද කියල.
එදා එතකොට බස් එකේදි ස්නේහල කිව්වෙ මේක ගැන වෙන්නැති .මගේ සැකේ තවත් තහවුරු උනේ තේජාන්ගෙ හැසිරීමෙන් . එයා ක්ලාස් එකේ අයට එයාව අදුන්වල දෙද්දිත් එයාගෙ ඇස් සම්පූර්ණයෙන්ම නතර වෙලා තිබ්බෙ මන් ලග . කිසි වෙනසක් නෑ එදා මුලින් දැක්ක දවසෙ වගේමයි කට කන ලග .
එයා ඇත්තටම කඩවසම් .මට ඇහෙනවා පන්තියේ අනිත් ගෑනු ලමයි සූස් සූස් ගානවා . එහෙම වෙන එකේ පුදුමයක් නෑ එයා ඒතරම් කඩවසම් .
එයා කතා කරල ඉවරයි .ඒත් තාමත් මේ මනුස්සයා මන් දිහා බලාගෙන .
දැන් ඔන්න ඉස්සරහට එනවා දෙය්යනේ මේ මනුස්සයට මොනා වෙලාද කෙලින්ම එනවා .මන් ඉන්න පැත්තට .මට එහා පැත්තෙ ඉන්න අහිංසාත් පුදුම වෙලා මන් දිහා බලනවා .එයා විතරක් නෙවේ දැන්නම් මුලු පන්තියම මන් දිහා බලන් ඇත්තෙ  ඒකෙ සැකයක් නැ .මේ මනුස්සයා නවතින පාටක් නෑ .දිගටම ලගටම ඇවිත් මගේ මේසෙ ලගින්ම නතර උනා .මට එ ඇස් කෙලින් බලන් ඉන්න බෑ මේ මොන විකාරයක්ද .මන් බිම බලාගත්තෙ කොල්ලෙක් උනත් ඌ මෙහෙම බලන් එන්න එක මට අපහසුවක් නිසා . නැතුව වෙන මගුලකට නෙවෙයි .
එයා ඒත් මන් ලගින් යන පාටක් නෑ .එහෙන්මම එයා පාත් උනා අත් දෙකම ඩෙස් එකෙන් තියල තවත් පාත් උනා. මන් දැන් ඔලුව ඉස්සුවොත් කෙලින්ම එයාගෙ මූන ඉස්සරහ .එක අගලක පරතරයක් නැති වෙන්න .මෙයා ආපහු කන ලගට පහත් උනා .දෙය්යනේ මේ මොන මල විකාරයක් කරනවද මේ මිනිහා . ඔන්න මේ මිනිහගෙ හුස්මත් දැන් මගෙ කොන්ඩෙ වදිනවා .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now