පස්වන දිගහැරුම 🔅

143 24 11
                                    

දැනිල තීනවද හුස්ම උනත් බර වෙන දවස් වල තීන අමුතු මූසල කම .තමන් ගැනම මහ කාලකන්නි ලැජ්ජාවක් හිතෙන, ඒ එපා කරපු හැගීම.මන් හැමදාම ප්‍රාර්ථනා කලේ අලුත් දේවල් මට හම්බෙන්න එපා කියල මොකද අත්දැකීමෙන් මට ඒක දැනිල නැති උනත් කැමැත්තෙන් ලං කරගන්න හදන දේවල් නොලැබුනොත් අන්තිමට ඉතුරු වෙන්නෙ මූසල හිස් හැගීමක් එක්ක කලකිරෙන හැගීමක් කියල මට දැනුන නිසා .තාත්ත මාව දාල ගිය දවසෙ ඉදල පටන් ගත්ත මගෙ ජීවිතේ එක දිගටම තිබුනෙ වැහිපොදක්වත් නැති හිස්කම වැලද ගත්ත හරි අමාරු ගිම්හාන කාර්තුවක්.
කාර්තු මාරුවෙන්න ඕන උනත් එදා පටන් ගත්ත ඒ කාර්තුව මං එක්කම හුස්මගත්තා.ඒක මං ලගින් එක මොහොතකටවත් අයින් උනේ නෑ. රැයවල් ඇවිත් ආපහු පාරක් ඒ හද එක්කම තරු පිරුණු අහස එක්කම පහුවෙනිදත් රැයක් උදාවෙනව වගේ ,මේ ගිම්හාන කාර්තුව මට පුරුදු වෙලා තිබුනෙ.
හිස් හැගීමකින් ඒ හැමදාම වෙනසක් නැතුව රෑ අහසට එන හද දිහා වරු ගනන් බලන් ඉන්න මන් පුරුදු වෙලා හිටියා.ඒක මට පුරුදු යි ..
ඒ හිස් කම මට සහනයක්
ඒක කවදාවත් මට බරක් උනේ නෑ .ඉතින් මන් ඒ හිස්කමට කැමති උනා.අලුත් දෙයකට අකමැති වෙන්න තරම් මට ඒ හිස්කම සැනසීමක් උනා.
ඒ නිසාම මං ප්‍රාර්ථනා කරේ හැමදේම පරන විදියට තියෙන්න කියල.

ඒ හැමදේම කනපිට හැරුනෙ අම්මගෙ අලුත් මැරේජ් එක එක්කමයි .
සෙනායා කියන්නෙ මගෙ තාත්තා මාව දාලා ගියාට පස්සෙ මගෙයි කියල මට ලගින්ම දැනුන කෙනා .අපි හම්බෙල පොඩි කාලයක් උනත් අපි දැන් අවුරුදු ගානක ඉදන් දන්න අය වගේ ගොඩක් ලගින් ආශ්‍රය කරනවා.ඇත්තටම එයා මට දැන් මගේම නංගි කෙනෙක් වගේ .මගේම සහෝදරියක් වගේ .ඒත් මං හරි බයයි.මොකද කවදම හරි වැරදීමකින්  මගෙ අතින් එයාට පුංචි හරි හිත් රිදවීමක් වෙයි කියල.
ඒ තරමට මං සෙනායට ආදරෙයි .සමහර විට මන් ඕනවටත් වඩා එයාට බැදිල වෙන්නැති ,එයා ගැන මන් හරියට නොදැන උනත් .ඒත් එයාලග මට දැනුනෙ මගෙම කෙනෙක් ලග ඉන්නවා වගේ හැගීමක්.ඉතින් මන් හිතින් අනේක වාරයක් ප්‍රාර්ථනා කරා කිසිම දේකින් සෙනායව මගෙන් ඈත් කරන්න එපා කියල .
මන් හිතනවා කවදාවත්ම දෙවියො මට ඒ තරම නපුරු වෙන එකක් නෑ කියල ...........

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now