දෙවන දිගහැරුම 🔅

237 32 22
                                    

මන් හිතන්නෙ දැන් වෙලාව 1.30 පැනල ඇති.කලින් හිටපු ගෙදර මගෙ කාමරේ තිබ්බෙ කුස්සියට ලගම .ඒකියන්නෙ ඒක පිටිපස්සටම වෙන්න තිබුන අන්තිම කාමරේ .නින්දත් නිනින්දත් අතර හිටපු හැම රෑකම මන් කරේ ඒ කාමරේ එක ජනේලයක් ඇරගෙන අවසානයක් පේන්නෙ නැති වෙල් යාය දිහා බලාගෙන.ඒකට මන් ඇබ්බැහි වෙලා හිටියෙ .කිසිම හැගීමක් නැතුව හිස් බැල්මකින් පැය කටුව වට කීයක් 6 ඉලක්කම පහු වෙනකන් මන් ඒ කෙලවරක් නැති වෙල්‍ යාය දිහා ඒ දවස් වල බලන් හිටියද කියල මමවත් හරියට දන්නෙ නෑ. සමහර විට උදේ ඉර එලිය මූනට වැටෙනකොටයි මන් ආපහු ජනේලෙන් ඔලුව ඇතුලට ගන්නෙ.

හැබැයි මෙහේ මන් හිතුවට වඩා ගොඩක් සැප පහසුකම් තිබුනා.living room එකෙන් පහලට තිබුන එකම එක පඩිපෙලක් විතරයි . ඒකත් පුදුමෙ මන් ඉන්න කාමරේ විතරයි පහල තට්ටුව්ටම .
ඒක තනිකරම තට්ටුව ක් කියන්න බෑ . ඇදේ හාන්සි වෙලා සිවිලිම දිහා හිස් බැල්මකින් හිටිය මට ටිකක් වෙලා යද්දී එක එක කටහඬවල් ඇහෙන්න ගත්ත .

පුදුමයි පැහැදිලි නැතිඋනත් ඒ අයට වැඩි වයසක් තීන අය නෙවෙයි කියල මට හිතුනා.හිටි ගමන් මහ හය්යෙන් හිනා වෙනවා.මාව එක පාරම උන දෙයින් බය උනත් ඒක උඩ තට්ටුවෙන් ඇහෙන්නෙ කියල අදුරගන්න මට වැඩි වෙලා ගියේ නෑ .

නිදි මතකුත් නෑ .කරන්න දේකුත් නෑ .මන් හෙමින් කාමරේ දොර ඇරල එලියට ආව .අඩි සද්දෙ නොඇහෙන්න අඩි තියන්න හැදුවත් ඒක එහෙම කරන ඕන උනේ නෑ .උඩින් ඇහුන කටහඩවල් තවත් ඝෝශාකාරී උනා.

මට තේරුන විදියට එයාල ෆිල්ම් එකක් බලනවා .මන් හිතන් හිටියෙ මිස්ට මල්ලවාරච්චිට ඉන්නෙ එක ලමයෙක් කියලා. මන් හිතුවෙ අර මන් උදේ දැක්ක පිරිමි ලමය ඒ මේ ගෙදර ඉන්න එකම ලමයා කිය්ලා.ඒත් ගෑනු ලමයි ?? මට හිතාගන්න බැරි උනා .මෙහෙම ගියොත් මගෙත් මොලේ තවත් විකාර වෙන නිසා ඒක අමතක කරල මන් ආපහු කාමරේට ආව .ආපු කුතුහලේට මම තාමත් හිතන්නෙ එයා ගැන . මන් දැකපු පිරිමි ලමය මිස්ට මල්ලවාරච්චිගෙ පුතා නෙවෙයිද එතකොට __? එහෙනම්
එතකොට මිස්ට මල්ලවාරච්චිට ලමයි ගොඩක් ඉන්නවද .ඒත් ඒක කොහොමද වෙන්නෙ .? මට ඇහුන ගෝශාවෙ හැටියට එතන තරුන ලමයි හය හත් දෙනෙක්ම හිටියා .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Tempat cerita menjadi hidup. Temukan sekarang