විසිහයවන දිගහැරුම 🔅

123 29 44
                                    

විරහවක උණු කදුලක් ____ ✍︎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


විරහවක උණු කදුලක් ____ ✍︎

හිතම කදුලු එක්ක තරගෙට විලාපයක
සෙනෙහස කියන වචනෙ ඇතුලෙ ප්‍රේමය හොයන එක අකැපද !
සමහර විට "
අකැප දෙයක් කැප කරගන්න
මන් ගත්ත වෑයම අද උත්සහය ලග පරාදවීමක් විදියට හිත බාර ගන්නේ කැමැත්තෙන්

පිනි වලට හැඩ උන නෙලුමකට
මඩ ගොහොරු මඩ අකැප නම්
ආලයේ පිවිතුරු බවට වෛරය කොහෙත්ම අකැපයි

දැනෙන තරමට රිදෙන නීතිය ලග
රිදෙන බව දැන දැනම අහිමි වෙන හිතකට ආලයෙන් බැදුනු බිදුනු හිත තාම හය්යයි .

ලෝකෙට අසම්මත උන
හිතට සම්මත උන තැනක එයා නතර වෙන බව හැම නිදි නැති රෑයක්ම පෙරනිමිති කිව්වා .

හිමි ! අහිමි !
සම්මත ! අසම්මත !

ඉතින් මට අහිමි උන සම්මතයි කියන ප්‍ර්‍ර්‍රේමය ලග
ලොවට අසම්මත ඔහුට හිමි ප්‍රේමය ගැන
සතුටු කදුලක් ඇස් අගින් ලෝබ නැතුව වැටුනෙ
ඒ  මට (අ)හිමි ! අසම්මත පෙමේ  සැබෑ හිමිකරු
මගේ ලේ නොවන මගේම ලෙය නිසා !

                                සෙනායා  ✍︎  !!
__________________________________

දවස් ගානක ඉදන් හිත එක්ක වාද කරපු හිත ඇතුලෙ නලියන හැගීම් වචන විදියට ස්නේහගෙ තොල් අතරින් එලියට ආවේ සමහර විට ආවේගෙයේ උපරිම තැන හිටිය නිසා වෙන්නැති .

හැගීම් අතර අතරමං උන ස්නේහට වගේම හිමංසටත් බාගෙට වැහුනු ජනෙල් කවුලුව ලගට ඇවිත් ආපහු ඈතටම දුරස් උන අඩි සද්දෙවත් ඒ ඉකි ගැහුන හඩවත් ඇහෙන්න නැතුවැති.

යටි හිත අගුලු දාපු හැම යකඩ දම්වැලක්ම ප්‍රේමය කියන ලෝදියට දියවෙලා ගියේ වාන් දාන හැම හැගීමක්ම රාගය නොවන රාගික සිපගැනීමකින් නතර කරල.

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now