විසිදෙවන දිගහැරුම 🔅

127 29 35
                                    

වෙලාව කීයද !?
හරිනෙ . එකොලහයි හතලිහයි.
ඒත් ඉතින් මෙතන ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නෑනෙ.
මන් ස්නේහගෙ යාලුවෙක් එතකොට කෝල් එක ගත්තේ යාලුවෙක් විදියට .! ඉතින් වෙලාවෙ මොකක්ද තීන ප්‍රශ්නෙ ?

"හෙලෝව් මේ තේජාන් නෙවෙයි කතා කරන්නේ මන් ස්නේහ "'

' හරි හරි දැනගෙන තමයි ගත්තෙ '

" අහ් එහෙනම් කතා නොකර ඉන්නෙ මොකෝ .! මගෙ කටහඩ අහන්න් ඕන වෙලාද ගත්තෙ  ම්? "

' ස්නේහ හෙට මන් ඔයාලහ ආවම ආන්ටි මාව දන්නවනෙ.ඒත් මන් සෙනායට කිව්වේ ඊයෙ මන් අසනීප උන නිසා ආවේ නෑ කියල. සෙනාය මන් ගැන වැරදියට හිතයි ? '

" වැරදියට කිව්වේ !? කොහොමද ? "

' නෑ මන් කියන්න්නේ ඔයා එයාට කියන්න මන් ඔයා එක්ක හිටියෙ කියල පස්සෙ වෙලාවක. ඒත් හෙට මන් මොකක්ද කරන්නේ !? '

" හෙට .හෙට ඉතින්  මොකක්ද ඔයා එන්න "

' ස්නේහ හැම දේම විහිලුවක් කරගන්න එපා .මාව අනිත් අය ඉස්සරහ නිකන් බොරුකාරයෙක් වෙනවනෙ. ආන්ටිට කියන්න එහෙනම් හෙට මාව නොදන්න විදියට ඉන්න කියල . එහෙම අවුලක් නෑනේද ? '

" අවුලක් තීනවනෙ !? අම්මා ඇයි කිව්වොත් මන් මොකක්ද කියන්නේ ? "

' ඉතින් ඔයා ඇත්තම කියන්න .මන් එදා ආවේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඒක අනිත් අය දන්නේ නෑ කියල . එතකොට හරිනෙ '

" ඉතින් අපි ගියෙ ප්‍රශ්න කතා කරන්නද ? "

' නැතුව ? ! '

" ඉතින් උබ මට ප්‍රශ්නයක් ගැන කිව්වේ නෑනෙ . අපි රෙස්ටුරන්ට් එකකින් කන්න ගියා .අම්මව එක්කන් ආවා තව රෙස්ටුරන්ට් එකේදි - "

' ස්නේහ ඇති .අනෙහ් ප්ලීස් තේරුම් ගන්න උත්සහ කරන්න.මන් කිව්වනේ ඊයෙ උන දේ මන් අමතක කරන්නම් කියල .ඒකට මමයි වැරදි මට තිබ්බා ඔයාව නතර කරන්න.ඒත් ඒකම ආයි ආයි මතක් කරල මාව වැරදිකාරයෙක් කියල මතක් කරන්න ඕන්නෑ .මට ඒක ඔයා මතක් නොකරත් හුස්ම ගන්න හැම වෙලේම ඒක මතක් වෙනවා මගෙ අතින් සෙනායට වැරැද්දක් උනා කියල.
ඔයාට ආන්ටිට කියන්න බැරි නම් කමක් නෑ .මන් හෙට නෑවිත් ඉන්නම් .
මන් ප්‍රශ්න නැතුව නෙවෙයි ස්නේහ මෙහෙම තව ප්‍රශ්නයක් නිසා විදවන්න.මන් තියනවා .සොරි අවේලාවෙ කතා කරාට .'

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now