එකොළොස්වන දිගහැරුම 🔅

138 28 13
                                    







කතාවෙන් මන් සින්ග් කරන එක ගැන කට්ටියට මගඇරුනා.ස්නේහගෙ නම ඩාන්සින් ලිස්ට් එකට ඇඩ් කරන්න ඩිලාන් බලාගෙන ඉන්නෙ.මම නම් හිතන්නෙ නෑ ස්නේහ ඕකට එයි කියල.

තාත්තා නැති උනෙත් මගෙ හිතුවක්කාර කමක් නිසා කියල තාමත් මගෙ හිතට වද දෙනවා .එදා ක්ලාස් එකේදි අන්තිමට ගහපු කෝඩ් එක තමයි මේ අවුරුදු ගානටම අන්තිමට ගහපු කෝඩ් එක. සින්ග් කරන්න පුළුවන් කියල ඒ ස්කුල් එකේ ලමයි දන්නවා .ඔකෙස්ට්‍රා එකේ හිටියත් මන් සින්ග් කරන්න තමා ආසම. හරි පුදුමයි තාත්තටත් සින්ග් කරන්න පුළුවන් නෙ.නොදන්න කාලේ ඉතින් මන් හිතුවෙ තාත්තට සින්ග් කරන ටැලන්‍ට් එකම මට එන්න ඇති කියල.

ක්ලාස් ඉවර වෙන්නෙ හය උනත් සර් කාරයා තියරි පාට් අන්තිමට කරන නිසා කරන්න හිතන් එන ටික කරල මිසක් යවන්නෙ නෑ .ගනන් හදන්න වෙලා යන්වනෙ හෝම් වර්ක් ටිකත් සාකච්ඡා කරපු නිසා අද වෙනදටත් වඩා වෙලා ගියා.වෙඩි කාපු ඌරා වගේ තියරි පාට් එක කියවගෙන කියවගෙන යනෝ.අපි චිට් හිටන් යවනො තියරි මුලින් කරල අන්තිමට ගනන් හදන්න කියල.ටික දවසකින් ආපහු අර විදියම තමා.
මට සෙනායගෙ හැසිරීමෙ පොඩි වෙනසක් තේරුනා .සමහර විට මේ ක්ලාසස් එක්කයි ස්කූල් වැඩයි පාඩම් වැඩයි එක්ක නිසා කියල මම හිතුවා .ඒත් අද ක්ලාස් එකේදිත් මූඩ් ගහල වගේ .ස්නේහ එක්කත් වැඩි කතාවක් නෑ.සාමාන්‍යයෙන් කපල් එකක් උනාම රොමෑන්ටික් ඒවා කතා වෙනො ඉදල හිටල හරි අපට ඇහෙන්න ඕන උනත් එයාල අතර නිතර තිබ්බෙ ඔවර් කෙයාරින් රිලේශන්ශිප් එකක්.හරියට අය්යෙක් නංගියෙකට සලකනවා වගේ සෙනායට සලකන්නෙ.මගෙත් මනස්ගාතද කියල හිතෙනො.ජීවිතේට අත්දැකීමක් නැති මම කොහොමද ඕවා දන්නෙ එක අතකට. සෙනායගෙ වෙනසට හේතුව මොකක්ද කියල හිතාගන්න අමාරුයි .ස්නේහගෙම කාරනයක් කියන්නත් බෑ.එයාලා රණ්ඩු වෙලා කියල නම් මට තේරුනේ නැහැ .මන් හිතුවා සෙනසුරාදා ගෙදර නිසා සෙනායා එක්ක ටිකක් කතා කරානම් හොදයි කියල.

හැමෝටම වගේ හවස ක්ලාස් නිසා රෑවෙලා ටෙලිග්‍රෑම් චැට් එකේ සයන්සෙ ඩේ ප්ලෑන් කරනවා.මන් අකැමැත්තෙන් උනත් තේජාන්ල බල කල නිසා ගෲප් සෝන්ග් එකට යන්න කැමති උනා.ගිටාර් එක නම් ප්ලේ කරන්න මගෙ තුන් හිතකවත් නෑ. හිතට වද දෙන වරදකාරී හැගීම මගේ හිතේ තීනකන් මන් ඒක අතින්වත් අල්ලන එකක් නෑ. ගිටාර් එකේ කේස් එක දැක්කත් ඇති මට මන් ගැනම කේන්ති එන්න.

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now