විසිහතරවන දිගහැරුම 🔅

130 31 44
                                    

" හරී සෙනායා ඉස්සෙල්ලා අඩන එක නවත්තන්න ..!!! දිගටම නෙවෙයි නෙ ටික කාලෙකටනෙ ...... හරි කෝ අඩන එක නවත්තන්න දැන් මොකක්ද උනේ කියන්නකො හරියටම . "

' අද අය්යා එකොළහට එනවා කිව්වට ආවේ නෑනෙ මන් එපාර සෙන්ටර් එකට ගිහිල්ලා ෆෝන් එක බලද්දී දැක්කේ ඔයා දාපු නෝමල් මැසේජ් එක . ස්නේහත් එනවා කිව්ව නිසා මන් ඇතුලට ගියා . බලන් හිටියට ආවේ නෑ ස්නේහ මන් හිතුවා ඒත් කම්මැලි හිතිල එන්න නැතුවැති කියල . මන් ඉවරවෙලා වෙලා ගෙදරට කෝල් කරාම වාහනේ එවන්නම් කිව්වා . වාහනේ එන්න පරක්කු නිසා මන් එතන ඉද්දි අරවින්ද අන්කල් ආවා ස්නේහව එක්කන් යන්න කියල . ස්නේහ ආවෙ නෑ කිව්වම අන්කල් බය උනා හොදටම ස්නේහට කෝල් ගත්තා ආන්සර් කරෙත් නෑ .
එපාර මන් ඩ්‍රයිවර්ට කෝල් කරල එන්න එපා කියල අරවින්ද අන්කල් එක්කම ස්නේහව හොයන්න ගියා .ලෙශර් ස්පෝට් එකේ පාක් එකේ ගොල්ෆ් සෙල්ලම් කරන්න යන තැනයි හැම තැනම හෙව්වා හිටියෙ නෑ .අන්තිමට සැකේට අරවින්ද අන්කල් එක්ක ඔයාලගෙ ගෙවල් කිට්ටුව තීන බාර් එකකට නිතර එනවා කිව්වා අරවින්ද අන්කල් එපාර එතනට ගියා .
උදේම කල්පනී ආන්ටි ගිහිල්ලා දවස් දෙකයි නෙ ඉන්නවා කියල තීන්නේත් .පේපර් එක ලියල එන්නම් කියලා ස්නේහ උදේම ඇවිත් තීන්නෙත් අඩුම කන්නෙවත් නැතුව .මන් දන්නෑ අය්යේ ස්නේහ මොනව කරගන්නවද කියල .
අන්තිමට ස්නේහව උස්සගෙන ආවේ කා එකට .මමත් එහෙන්මම ඩඩාට කෝල් කරල ස්නේහලහ ගියා . සිහියක් ඇත්තෙම නෑ අය්යේ දෙපාරක් වොමිට් කරත් මමත් ස්නේහව එහෙම ඉද්දි එන්නත් හිත දුන්නැති නිසා හවස් වෙනකන් හිටියා .අරවින්ද අන්කල් කේන්තියෙන් උනත් කලකිරීමෙන් ඉන්නේ . මට හිතාගන්න බැරි විකාර ගොඩක් කියෙව්වා ස්නේහ .
කවුරු හරි ප්‍රෙග්නට් කතාවක් කිව්වා තව එයාගෙ අම්මට මුකුත් කියන්න යන්න එපා . ගැලපෙන්නෙ නැති විකාර දේවල් නින්දෙන් නෙවෙයි අසිහියෙන් කියව්වේ .
පස්සේ නින්ද ගිහින් ඇහැරෙද්දි හවස් වෙලා .අන්කල් ලගටවත් ගියේ නෑ ස්නේහගෙ ඔලුව අල්ලන් අවදිවෙනකොට මන් පේන් කිලර්ස් දෙකක් දුන්නා .
එපාර එකපාරම මගෙ අත්දෙක අල්ලන් සමාවෙන්න කියන්න ගත්තා .මට හිතාගන්න බෑ අය්යේ ස්නේහගෙ මේ හැසිරීම් .
මන් ඇයි අහනකොට එයාට කරන්න දෙයක් නෑලු අන්තිමට කිව්වා හැමදේම පටලවන්න ඕනෙ නෑලු ටික කාලෙකට බ්‍රේකප් වෙන්න ඕනෙ කිව්වා !
අය්යේ මන් දන්නෑ ස්නේහ එක්ක මන් කලින් දවස් වල කතා නොකර හිටියත් එයාට ඒ ගැන ලොකු දුකක් තිබ්බෙත් නෑ .
අය්යේ දන්නවද මට බයයි ඔල්යට වගේ බලාගෙන ඉන්න කියල ස්නේහත් ඉවාන්   වගේ  මාව හැමදාටම අතාරින්න යනවද කියන්න "

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now