විසිහත්වන දිගහැරුම 🔅

130 26 36
                                    

ස්නේහ කතා බහ කරත් කියන්න නොතේරෙන දුරස් බවක් හිඩසක් අපි අතර තීනවා කියල  දැනෙනවා .
සමහර විට ඒක මට විතරක් දැනෙන දෙයක් වෙන්නැති .

එහෙමත් නැත්නම් මේ දේවල් හිතුවට වඩා හරි ඉක්මනට වුන නිසා වෙන්නැති .කාලෙක ඉදන් ස්නේහ ගැන එයාගෙ හිතේ මන් ගැන වෙනස් දෙයක් තීනවා කියල මටම දැනුනත් මන් පිලිගන්න අකැමැති උනේ සෙනායා නිසා .

ස්නේහ දැක්ක මුල්ම දවසෙ ඉදන් දැනුන අමුතු හැගීම වෙනස් හැගීම කාලෙත් එක්ක ආදරයකට පෙරලුන විදිය ඒවා කොහොම කොයි කාලෙ උනාද කියල හිතාගන්න අමාරුයි .

ස්නේහ ලගදි දැනුන ලෝබ හිතෙන හැගීම ලගට වෙලා ඉන්න හිතෙන උණුහුම එයා ලගම විතරක් එන එයාගෙම පිරිමි සුවදට මන් ලෝබ වෙන්න අරන්.
හිතට දැනෙන මේ නිදහස් හැගීම ගැන මට වෙලාවකට හරි බයක් දැනෙනවා .බාප්පාගෙ ප්‍රශ්නෙ ගොඩක් ඉක්මනට විසදේවි කියල හිතුණත් හිත කියන්න නොතේරෙන බයකින් ඉන්නේ !

කෑම කාලා උඩට ආවම මට ස්නේහ එක්ක කතා කරන්න ඕන උනත් ඒක පටන් ගන්නේ කොහොමද කියන්න මන් දැනන් හිටියෙ නෑ .එයා ලගදි තාමත් වචන නැතුව හිරවෙන එකට මටම බැනගන්න ගමන් ස්නේහ කාමරේට ඇවිත් දොර වැහුවම මන් වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා .

" ස්නේහ පහල නේ ගෙස්ට් රූම් එක .බ්ලැන්කට් එකක් ඕන වෙන එකක් නෑ .මන් යන්නම් එහෙනම් "

' ඉන්න ..... ගෙස්ට් රූම් එකට යන්න උබ ගෙස්ට් කෙනෙක් නෙවෙයි නෙ '

" ඒ උනත් ස්නේහ තාත් - "

මට කියල ඉවරවෙන්න කලින් ස්නේහ මන් ඉන්න තැනට ඇවිල්ල මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා .
එයාගෙ ඇස් මගෙ ඇස් කෙලින්ම නතර වෙනකොට අදත් වෙනද වගේම නොතේරෙන ගොඩක් දේවල් ඒ ඇස් වල පිරිලා  තිබ්බා .

' මන් හදවතට දැනෙන්න ආදරෙයි කියන්න සමහර විට දන්නෙ නැතුවැති .ඒත් මන් ආයිම කියනවා මන් උබට ආදරෙයි හිමංස . ලස්සන වචන දාලා මට දැනෙන දේ කියන්න ඇත්තටම මන් දන්නෑ .ඒත් උබ ලගදි මට දැනෙන්නෙ මගේ කියල හැගීමක් .ඒක මට මීට කලින් මගෙ ජීවිතේ කවදාවත් කවුරු වෙනුවෙන්වත් දැනිලා නෑ .මන් ලග ඉන්න ඕනෙ මට පේන හරියෙ උබ ඉන්න ඕනෙ කියල හිත හැමවෙලේම කියනවා .උබ ලග ඉද්දි හදවත කියන්න බැරි තරම් වේගෙන් ගැහෙන්න ගන්නවා . ඒක ඒක හරි අපහසුවක් උනත් මන් ඒකටයි කැමති .උබලගදි විතරක් දැනෙන මේ හැගීමට මන් බැදිලා වගේ . මට තේරෙන්නෑ මන් සමහර විට මේවා කියන විදිය වැරදි ඇති ඒත් බන් මන් මන් දන්නෑ මට - '

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now