තිස්පස්වන දිගහැරුම 🔅

90 19 24
                                    

බණ්ඩාරවෙල ගිහින් ආවට පස්සෙ දවසෙ සෙනායට ෆොටෝග්‍රැෆි කෝස් එකක් කරන්න ඕනෙ කිව්ව නිසා ඒක ගැන හොයන්න ගියා අන්කල් එක්ක .
සෙනූත් හදිසියේම ටවුන් එකට ගියා මොකටද කියලවත් නොකියම. ආන්ටිත් අහන්න ගියේ නෑ කොහෙද ඇහුවම ඉක්මනට එනවා කියල පුදුම හදිසිස්සියකින් ගියේ .

මමත් කරන්න දේකුත් නැති නිසා ඇඳේ හාන්සි වෙලා නේහට කෝල් එකක් ගත්තා .ඩේට් එක ගැන අහන්නත් ඕනේ හෙට එනවා කියන්නත් ඕනේනෙ

" පැටියා "

' මොකද කරන්නේ ? '

" මන් දැන්ද ? දැන් නම් ..... මේ අම්මා මොකක්ද මන්දා එකක් හදනවා රෙසීන් ආර්ට් එකක් ඒක දිහා බලන් ඉන්නවා "

' මන් එක්ක කතා කරාට අවුලක් නෑනේද ? අම්මා '

'' මන් ටිකක් මෙහාට ආවා . ඒ නැතත් අම්ම එහෙම අහගෙන එන්නේ නෑ . දෙයක් තීනවනම් මන් ගිහින් කියනවා කියල අම්ම දන්නවා . "

' එහෙමම හිතන්නත් එපා ඔයා නොදන්නවා උනාට අම්ම හැමදේ ගැනම ඇහැ ගහගෙන ඉන්නේ '

" ඇයි එහෙම කිව්වේ ? "

' එදා අර ලෙටර් එක මන් අර ඔයාට ලියල අම්මගෙ අතට ගියේ ..එදා අම්ම කිව්වේ ඔයාට කෙල්ලෙක්ගෙන් හම්බුන එකක් වෙන්නැති කියල හිතල අරන් තීන්නේ අන්කල්ට කිව්වෙත් නැත්තේ ඒකයි කිව්වා '

" ආහ් එහෙමත් කිව්වද ? පැටියා මට සමහර වෙලාවට හිතෙනවා අපෙ අම්ම මොනා හරි දන්නවා කියල '

' ඒ කිව්වෙ ? '

" මෙහෙමයි මෙච්චර දුර දිග ගිය දෙයක් නෙවෙයි .හැබැයි අම්ම දන්නවා මොනා හරි දෙයක් .ඔයා දන්නෑනෙ අම්ම නිතර ඔයා ගැන අහනවත් එක්ක "

' අනේ පවු නේහ .ආන්ටිට තියෙන්නෙ පුදුම තරම් ලස්සන හදවතක් එහෙම මිනිස්සු හරි අඩුයි .
මේ ටික කාලෙට මට එක එක ජාතියේ මිනිස්සු හම්බුනා . සෙනායලහට මුලින් ආව දවසෙ ඉඳන් මේ දක්වා මගෙ ජීවිතේ නිකන් උන දේවල් හිතල බලනකොට ,හම්බුන මිනිස්සු ගැන හිතල බලනකොට ඒ දේවල් අතරෙ ඔයාලගෙ අම්ම පුදුම තරම් වෙනස් කෙනෙක් .ඔයා වාසනාවන්තයි .මොකද අම්මල ලබන්න පින් කරන්න ඕනේ වගේම ඔය වගේ කෙනෙක් ලබන්න ඊටත් වඩා පින් කරන්න ඕනෙ '

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now