විසිපස්වන දිගහැරුම 🔅

148 32 40
                                    

"' ඇත්තටම රිදෙනවද කියපන් ?!! "'

උබට කියන්නද මන් කොච්චර රිදෙනවද කියල ! වරුගානක් කදුලු වලට දියකරන්න බැරි තරම් මන් උබ හින්දා රිද්දගත්තා කියල !?
වචන වලින් මන් තාම නිහඩයි ඒත් මගෙ ඇස් කතාකරනවද කියන්න මන් දන්නෑ !

" රිදෙනවද !!!! උබ වචන වලින් මාව අතරමං කරාම මට මාව හොයාගන්න බැරි තරමට මන් අසරණ වෙනවා ස්නේහ . ඒ නිසා උබ අහන දේවල් කියන දේවල් ඒ වගේම කරන දේවල් ගැන හරි අදහසක් නොදැන මට ලං වෙන්න එපා. එතකොට රිදෙන එකක් නෑ "

අන්තිමට නිහඩ තත්පර ගානකට පස්සෙ මන් අපේ ඇස් වෙන්කරගෙන එයාගෙ ප්‍රශ්නෙට වචන අමුණල එන්නම ආවේ තව නම් ඇස් දෙක එයා ලග කදුලු වලින් නිරුත්තර වෙලා ඉන්න එකක් නැතිවෙයි කියල හිතුන නිසා.

ඕනෙවටත් වඩා ලොකු හුස්මක් නාස් පුඩුවලින් ඇදගෙන මන් පනතියට ආවේ .සෙනායා අඩුම ස්නේහ කිව්වේ මොකක්ද කියලවත් මගෙන් ඇහුවෙ නෑ . මේ දැනෙන හැගීම විරහවට එකතු කරන්න බෑ .මොකද පටන් නොගත්ත ආදරකට විරහවක් තීන්න පුළුවන්ද !?
හැගීම් එක්ක අසරණ උන හැම වෙලේකම හැමදාම කදුලු තනි රැක්කා !
ඒත් මේ දැනෙන වේදනාවට මේ දැනෙන හැගීමට තනි රකින්න කදුලු මදි වෙනකොට ඇස් වලින් එලි බහින්න කදුලුත් අදිමදි කරනවද කියන්න මන් දන්නෑ .

ඇත්තටම මන් පෙරලන පොතේ අන්තිම පිටු බලන්න මට බයයි .මන් සතුටින් හිටියත් සම්පූර්ණයෙන්ම හදවත බිදිලා ගිය හිස් මනුස්සයෙක් වෙලා හිටියොත් !

ඉතින් විසදුමක් නැති හැම ප්‍රශ්නෙකටම , කාලය ! කියන විසදුම ලග  මන් නතර උනේ යටි හිත  ඕනවට වඩා මුරණ්ඩු දේවල් කියල මොර දෙනකොට .

දවස ගෙවුනෙ පුදුම තරම් වේගෙන් .ඩිලාන් එක්ක කතා කරන්න ඕනෙ උනත් ඒකට අද මූඩ් එකක් නැති මන් අහන්න ගියේ නෑ කිසිම දෙයක් .

දවසටම පුළුවන් තරම් ස්නේහව මගෑරල හිටියෙ මට තවත් සෙනායට වැරැද්දක් නොවෙන්න ඕන නිසා . ස්නේහව මගෑරල හිටියත් හැමපාරකම වගේ මගෙ ඇස් මගෙම අවසර නැතුව ස්නේහ ලග නතර වෙනකොට ඇස් කොනෙන් ස්නේහගෙ ඇස් හම්බෙන හැම වෙලේම ගැස්සෙන හැගීම් එක්ක මන් පුදුම තරම් වාද කරා .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now