දාහත්වන දිගහැරුම 🔅

126 22 23
                                    








කාලෙ හරි ඉක්මනට ගෙවුනා.
හත්දවසේ දානෙ දීලා හැමදේම ඉවරයි. මන් මගේ කාමරේට වෙලා ඇද මිට්ටමට හේත්තු කරගත්ත කොට්ටෙට පිට තියාගෙන උකුලට වෙනකන් වැහෙන්න කලුයි නිලුයි ඉරි ඉරි බෙඩ් සීට් එකෙන් කකුල් වහගෙන.
ඇතේ ඇගිලි ටික පටලගෙන මමත් හරි හැටි නොදන්න බර කල්පනාවක.

බදාද මන් ගත්ත තීරනේ සෙනායගෙ හිතේ මන් ගැන කොච්චර කේන්තියක් ඇති උනාද කියන්න මන් දන්නෙ නෑ.
ඒත් මාත් කොල්ලෙක් නෙ.
මට පුළුවන්ද කවුරු මොනා කිව්වත් ආපහු මිස්ට මල්ලවාරච්චිගෙ සල්ලි වලින් කකා බිබී ඉන්න.
කලින් හිටියා තමයි ඒත් ඒ අම්ම නිසානෙ .සෙනායට මන් කොච්චර ආදරේ උනත් තවත් එයාලගෙ ගෙදර ඉන්නවා කියන එක ඒ ගෙදර  වැටිලා ඉන්නවා වගේ හැගීමක් දැනේවි කියල හිතුන නිසාමයි එදා මන් ඉස්සරහට ජීවත් වෙන්න ආච්චී අම්මලව තෝරගත්තේ.

හරියට ස්කූල් ගියෙත් නෑ.කලින් නෝට් සෙනායම මට ෆොටෝ කොපි කරල දුන්නත් ඒවා ඔලුවට බරක් වගේ.
කොච්චර හිත එකතැනක තියන් ඉන්න හැදුවත් ඒක හරි අමාරුයි .
හිස්කම කියන බය හිතෙන හැගීම කාලයක් යටපත් වෙලා වගේ තිබ්බා .ඒත් ආපහු ඒක දැනෙන්න අරන්ද කියල මට හිතාගන්න අමාරුයි .

ගෙදර දවල් වරුවට නම් පාලුවක් නෑ නංගිලා දෙන්න ඉන්න නිසා.ඒත් ,අනේමන්දා.
මල ගෙදර දවස් වලයි දානේ දවස් වලයි මන් හිතන් හිටි එක දෙයක් වැරදිද කියලත් මට හිතුනා.
බාප්පා හරි ලග කෙනෙක්ට වගේ මට සලකන්න ගත්තා.

අපි ඉස්සරම දවසක් දෙකක් දැකල අදුරගෙන හිටියත් මලගෙදර නිසා එයා පුදුම තරම් ලගින් හිටියේ .හැම දෙයක්ම එයාගෙම නංගිගේ දෙයක් වගේ හොයල බලල කරා.
එයා නිතරම මට ලොකු පුතා කියල කතා කරේ.
එදා හොස්පිට්ල් එකේදි මහ අමුතු දෙයක් මට දැනුනා තමයි.ඒක මන් හිතන්නෙ හිතලුවක් වෙන්න ඇති.
ඇත්තටම එදා මම උනත් ඇදන් හිටියෙ ගොඩක් කොට ඇදුමක් නෙ.
ඒක නිසා එයා එහෙම බලන්නත් ඇති.
ඒත් එකම එක දෙයක් හැන  මගෙ හිතේ හරි අමුත්තක් දැනුනා.

ඒ එදා අම්මගෙ මලගෙදර  හවස ස්නේහ මන් එක්ක කතා කරන්න ඕන කිව්ව වෙලේ.
අනික පුදුමෙ අනික් හැමෝගෙම නම් අමතක උනත් ස්නේහගෙ නම බාප්පට මතකයි.
මට නිකමට හිතුනා ස්නේහත් බාප්පව කලින් ඉදන් දන්නවද කියලත් !?
ඒත් ඒක වෙන්න පුළුවන් හැකියාව හරි අඩුයි නෙ ඒත් නොවෙන්න බැරි දෙයක් නෑනෙ !

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now