අටවන දිගහැරුම 🔅

138 26 43
                                    






හිමංසට හුස්ම ගන්න එකත් අමතක උනේ ආපු මැසේජ් එක දැක්කම .
කරන්න ඕනෙ මොකක්ද කියල හිතාගන්න බැරි වෙන තරමට හිමංසගෙ ඔලුවම විකාර වෙන්න ඒ මැසේජ් එක විතරක් ඇති . කෑම මේසෙ උඩ තිබ්බ 4න් එකෙන් ඇස් එහාට අරන් ආපහු වතාවක් බර උන නහය උඩට ඇදගත්ත හිමංස ඉදුල් නැති අතින් ඇස් වලින් බේරුන කදුලු ටික පිහිදල
ඉදුල් අත වතුර බාජනේට දාල හෝදගෙන ප්ලේට් එක අරන් කිචන් එකෙන් හෝදල තිබ්බා .ඇවිත් මේසෙ උඩ තියපු 4න් එකේ ස්ක්‍රීන් ඕෆ් කරල සාක්කුවට දාගෙන ආපහු living room එකට ආවේ ආපහු වතාවක් ස්නේහ නිසා ඇති උන දාහක් ප්‍රශ්න එක්කමයි . මැසේජ් එක නොටිෆිකේශන් බාර් එකේ තීද්දිම කියවපු නිසා හිමංසට හිතුනා මැසේජ් එක සීන් නොකර ඉන්න .මොකද හිමංසට තේරුනා ස්නේහ මොකක් උනත් මේ කරන් දේ හොද දෙයක් නොවන නිසා .යාලුකමට ගෑනු ලමයි නම් පැටියො කියන වචනෙ එයාල එයාල අතර පාවිච්චි කරත් ඒක පිරිමි ලමයෙක් පාවිච්චි කරන්නෙ වෙන අදහසකින් .ඉතින් සෙනායා එක්ක සම්බන්දයක් තියාගෙන ස්නේහ මේ විදියට හිමංස එක්ක මේ කරන්න හදන අමුතු සෙල්ලම මොකක්ද කියන්න හිමංසට ඉවෙන් වගේ තේරුනා. ස්නේහ මේ ටෙක්ස්ට් එක නම් එවල තීන්නෙ යාලුවෙක් කියන හැගීමෙන් නෙවෙයි කියන්න හිමංසට පිලිගන්න උනේ යටි හිත කියන නිසාම නෙවෙයි .
හැගීම් නිසා හිරවෙලා ඉන්න හිමංස ආපහු වතාවක් එයා එක්කම හිතින් වාද කරන්න ගත්තා . යටි හිතට වහල් වෙලා එයා ආපහු ස්න්හේට උත්තර දෙනවද නැත්නම් උඩ හිත කියනවා වගේ මැසේජ් එක සීන් නොකර ඉන්නද කියල හිත එක්කම හිමංස ලොකු සටනක .
තාමත් living room එකට වෙලා කල්පනාවෙ ඉන්න හිමංසට එක පාර ඇහුනෙ ගෙදර බෙල් එක ගහන සද්දෙ .
පෝය දවස නිසා සාමාන්‍යයෙන් කෙනෙක් ගෙදරට එන එකත් ටිකක් අමුතුයි කියල හිමංසට හිතුනත් හිමංසට ආපහු මතක් උනේ මේ එයා ඉස්සර හිටපු ගෙදර නෙවෙයි කියන එක . එහේදි එහෙම නොවුනා කියල මේ ගෙදර දේවල් තාමත් හිමංසට ආගන්තුකයි .හිමංස වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා සෙනායට කතා කරන්න හැදුවෙ මිස්ට මල්ලවාරච්චිට කතා කරන්න හිමංසට තාමත් හුරු නැති බවක් දැනුන නිසා . මිස්ට මල්ලවාරච්චිට හිමංස තාත්ත කියල කතා කරලත් නෑ .එයා තාමත් අන්කල් කියන වචනෙ පාවිච්චි කරේ හදවතින්ම එන්න ඕන ආමන්ත්‍රණයක් උන ඒ වචනෙ බොරු මවාපෑමක් මතුපිටින් පෙන්නන්න ඕනෙ නෑ කියන දේ හිමංසට හිතුන නිසාමයි .
සෙනායට කතා කරන්න හිතන් පඩිපෙලේ බාගයක් යද්දී නොනැවතීම වදින බෙල් එකට සෙනාය ඒ වෙන්කොටත් එලියට ඇවිල්ල හිටියා .සෙනාය එහෙන්මම උඩ තට්ටුවෙ බැල්කනි එකෙන් හිමංස එනව දැකල හිමංසට කතා කරා .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now