විසිනමවන දිගහැරුම 🔅

130 25 32
                                    

" අය්යේ ඉක්මන් කරනෝ හලෝ යන්නෙත් සතියට දවස් දෙකයි. ඒකත් බෙල් කරාම ගේට් එක මුර කරල යන්න වෙන්නෙ......රේණු ආන්ටි කෑම එක ගේන්න........කෝ ඒයි මනුස්සයෝ ....ඔය මේස් එක කණපිට දාන් ඉන්නේ "

' කෑ නොගහ ඉන්නවා යෝධියේ මල්ලිව අඩුමාසෙන් හම්බෙයි තමුසෙගෙ අදෝනාවට '

" මේ තමුසෙ ඩඩා එක්ක යනවා . තමුසෙ එනකොට ඉන්ටර්වල් බෙල් එකත් ගහල තියෙයි ...අය්යේ එන්න මන් කෑම එක ගත්තා . අපි යනෝ ......ඩඩා ..අම්මේ.....යනවා ...ඔන්න වැන්දා .මට ආයි උඩට එන්න බෑ පරක්කු වෙනෝ "

' සෙනායා ඉන්න ආන්ටිටයි අන්කල්ටයි කියල එනකන් '

" මේ ගිහින් ඇවිල්ල කියනවා හලෝ පරක්කු වෙනවා ....එන්න යන් "

' ඇයි ඔච්චරටම හදිස්සි තමුසෙගෙ අර නයිටින් රැහැය්යා කලින් එන්න කිව්වද '

" කිව්වා කියල හිතාගන්න මල්ලි බබෝ ."

සෙනායගෙ අඩවැඩියාව ගේට් එකලගට එනකන්ම අහන් ඇවිල්ලා පඩිපෙල නැගල කොරිඩෝ එක දිගේ යනකනුත් අහන්හිටියෙ .මට කියන්න දේවල් නැතුව නෙවේ .එපාර ඒකටත් අහගන්න වෙන හින්දා .

" මේ මේ....ඔන්න අර බස්සා ඉන්නවා . අනේ .....අය්යේ ඔයා මේ පැත්තට යන්න .නැත්නම් අදත් මට යස්සනී වගේ කොණ්ඩෙ වනාගෙන ඉන්න වෙන්නේ "

දේවින්ද අනිත් බයෝ එකේ උන් එක්ක කදේ දාගෙන ඉන්නවා බිත්තියට හේත්තුවෙලා කකුලක් නවාගෙන .සෙනායා මාව බිත්තිය පැත්තට දාලා එයා අනිත් පැත්තට ආවා.

සෙනායා දැක්ක ගමන් දේවින්ද කොණ්ඩෙ පෝනිටේල් දාලා හිටියොත් අනිවාරෙන් හෙයා බෑන්ඩ් එක ඇදල ඒක ගලවලා දානවා .
' වැව්වනම් ඔහොම දාන් ඉන්නව අයිසෙ ඩබල් ලෙග් පෝනියෙක් වගේ '
ඕක දේවින්දගෙ උදාන වාක්‍ය .සෙනායාගෙ කොණ්ඩෙ දිග නිසා කඩල දාලා ඉන්නකොට ලස්සනයි තමයි .ඒත් මේක ටියුශන් ක්ලාස් එකක් නෙවේයි නෙ .නිදහස තිබ්බත් කෙල්ලෙක් ඉන්න ඕනෙ තැන හරියට හැසිරෙන්න ඕනෙ.ස්කූල් එකේ කොන්ඩෙ වනාගෙන එන සක්කරවට්ටම් ඉන්නවා .ඒත් ඒක කොහෙත්ම ගැලපෙන්නේ නෑ . ලස්සනට ඉන්න ඕනෙ තැන් වල ලස්සනට ඉන්න ඕනෙ හැබැයි පිලිවෙලට ඉන්න ඕනෙ තැන පිලිවෙලට ඉදල .මම විතරක් නෙවේ සෙනායත් ඕකමයි කියන්නේ .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now