තෙවන දිගහැරුම 🔅

151 27 11
                                    

" මං කවදාවත් මේක කා එක්කවත් කියල නෑ .මොකද මට හිතුනා මේක ඒ අයට තවත් කුතුහලය පිරුණු එක කතාවක් විතරක් වෙයි කියල.මං කැමති නෑ කවුරුත් මට අනුකම්පා කරනවට .මං වැරදි ඇති ඒත් මං කැමති නෑ ඒකට .
දන්නවද හිමංස මන් ඔයාව විශ්වාස කරනවා .ඔයාව දැක්කම මට මගෙ මල්ලිව මතක් වෙනවා ....අනේ එයත් ඔයා වගේමයි .
අපි twins ල .එයාට තිබුනෙත් ඔයාට වගේම අහිංසක ඇස් දෙකක් .හැබැයි ඔයාගෙ තරම් බෝල නෑ.ඒ අහිංසකයත් ඕනවටත් වඩා මේව නිසා දුක් වින්දා .මන් දන්නෙ නෑ දැන් එයා අඩු තරමින් හොදින්ද නරකින්ද කියන්නවත් .අපි අවුරුදු ගානකින් තාම හම්බෙලා නැහැ .......

හැමදේම පටන් ගත්තෙ මීට අවුරුදු තුනකට විතර කලින්.ඩඩා හැමදාම වැඩට යනකොට සාමාන්‍යයෙන් උදේ 7.20 /7.25 විතර වෙනවා .හැබැයි එක දවසක් ඩඩා ටිකක් කලින් ගෙදරින් ගිහිල්ල තිබුනා .ඔෆිස් එකේ කලින් දවසෙ ඩොකියුමන්ට්ස් වගයක් දාල ඇවිල්ල.ඒ ටික චෙක් කරන්න ඕන නිසා එයා වෙනදට වඩා එදා කලින් ගිහින් තිබුනා.ඔයාට මතකද අපේ ගෙදරට එන්න මේන් රෝඩ් එකෙන් හැරෙනකොටම පොඩි බස් හොල්ට් එකක් තීනවා .එතනිද එදා ඩඩාගෙ කා එකේ මොකක් හරි අවුලක් වෙලා වාහනේ එතන නතර වෙලා . ඉස්සරහ ගෙදර නූරා ආන්ටිගෙ පොඩි දුව එතකොට pre -school යනවා .ඔයා දන්නවද හිමංස අපේ ඩඩා මේ බිස්නස් පටන් ගන්න කලින් ආමි එකේ ඉදල තීන්නෙ.සාමාන්‍යයෙන් ආමි එකේ ඉදල එන කෙනෙක් ගෙදර අයට ගොඩක් රූල්ස් දානවා .එයාල මන් හිතන්නෙ අනිත් අයට වඩා හරි අඩුවෙන් කතා කරන්නෙ. සාමාන්‍යයෙන් මේ ලේන් එකේ අය එක්ක උනත් එයා වැඩිය කතා කරන්නෙ නෑ.කොහොම හරි එදා නූර් ආන්ටි බස් එක එනකන් එදා හෝල්ට් එක ලග ඉදල තිබුනා. දන්නවද ඒ ආන්ටිත් ජීවිතේ ගැටගහන්න මාර කට්ටක් කන්නෙ .එයාගෙ husband කලින් වැඩ කරේ පොලීසියේ ඒත් මොකක් හරි case එකකදි සැකකරයෙක්ගෙන් ප්‍රශ්න කරද්දි එයාව වතුරෙ ඔබ්බව්ල තමයි ප්‍රශ්න කරවල තීනේ .ඒ වෙලාවදි ඒ මනුස්සයා මැරිලා.හැබැයි එදා එතන හිටපු අය උන දෙයින් ගොඩක් ශොක් වෙලා එ මනුස්සයා මැරුනෙ ප්‍රශ්න කරද්දි පැනල යන්න හදද්දී ගගේ වැටිල මැරුනා කිය්ල.ඒ දවස් වල තිබුන ආණ්ඩුව නිසා ,ඒක ලේසියෙන් යට ගහන්න පුළුවන් වෙල.ඒ මැරුන මනුස්සයා ටැමිල් කෙනෙක්ලු.
පස්සෙ පත් උන් ආණ්ඩුවේ ප්‍රදාන දෙමල නායකයෙක් උන මනමනුස්සයෙක් අර මැරුන ලමයගෙ ගොඩක් ලග නෑකම්ක් තීන කෙනෙක්ලු.ඉතින් ආපහු අවුරුදු ගානකට පස්සෙ යට ගහපු නඩුව උඩ ආව .ඒක ගොඩක් දිගට ඇදි ඇදි ගියා අන්තිමට ඒකෙදි මෙයල වැරදි කියල ඔප්පු වෙලා අවු.8 ට හිරේ යන්න වෙලා.ඉතින් නූර් ආන්ටි තමයි හැමදේම ගැටගහන් එ ලමයින්ට උගන්නන සල්ලි හම්බකරන්නෙ . නූර් ආන්ටි ගති ගුන වලින් ගොඩක් හොදයි හැබැයි එයාට එක එක මිනිස්සු එක්ක පොඩි පොඩි සම්බන්දකම් තීනවා . මන් කියන එක තේරෙනවනෙ . ඩඩා කොහොමත් කා එක්කවත් කතා නෑ ඒත් එදා මන් දන්නෙ නෑ ඩඩා ඇයි ඒ මනුස්සයා එක්ක කතා කරේ කියල.එදා එහෙම කතා නොකරනම් සමහර විට මමයි මගෙ මල්ලියි අම්මයි තාමත් එකට මේ ගෙදර එක වහලක් යට හුස්මගන්නව..
ඉතින් තාත්ත කා එකේ ප්‍රශ්නෙ බලන්න වාහනෙන් බැහැල ඉද්දි නූර් ආන්ටි ඇවිත් තාත්ත එක්ක කතා.කරල කොහොම හරි ඒ වෙලාව ඩඩා එයාට කියල තීනව ස්කූටර් එකක් ගත්තනම් ඔයාට ලේසීනෙ කියල.ඔයාට හිතෙනව ඇති හිමංස ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නෙ කියල .නෑ ඒක සාමාන්‍ය වෙන්න තිබ්බ ඒ මගෙ ඩඩා නොවුනනම් .එයා එහෙම සාමාන්‍යයෙන් කතා කරන කෙනෙක් නෙවෙයි .මට තාමත් පුදුම ඒ ගැන .ඉතින් ඕක නූර් ආන්ටිට මහ ලොකු දෙයක් වෙලා .හවස අපේ ගෙදර ආපු එයා අම්ම එක්ක කතා කරන ගමන් ඔය විස්තරේ කියල තිබුනා.මට හිතාගන්න පුළුවන් අම්ම උනත් එදා පුදුම වෙන්නැති ඩඩා එහෙම කිව්ව කිව්වම..ඒක ගනන් ගන්න තරම් දෙයක් නොවුනත් ඒක අම්මගෙ හිතට ගොඩක් තදින් වැදිල තිබ්බ ..ඒක තමයි හැම්දේටම මුල. ඩඩා එදා ගෙදර ආවට පස්සෙ මට ඇහුනා එයාල ඒ ගැන කතා උනා .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now