දසවන දිගහැරුම 🔅

141 23 8
                                    




අහිංසා ගිහිල්ලා සති තුනක් වගේ යනකොට අහිංසාව අමතක නොවුනත් එයාව මතක් කර කර අහිංසා ගැන එයාල අතර තිබ්බ කතාබහ ටික ටික අඩු උනා.ඒක සාමාන්‍යයි .පුද්ගලයා මොන වගේ කෙනෙක් උනත් ටික කාලයක් යනකන් හදවතේ තදින්ම රැදුන අයවත් අමතක නොවුනත් එයාල ගැනම තීන කතා බහ අඩු වෙනවා .ඒක සාමාන්‍යයයි .සෙනායා හිමංස ඩිලාන් කේශාන් අතර දැන් තේජානුත් .
අහිංසා නැති අඩුව හැමෝටම දැනුනා .ඒත් කාලය හෙමින් ගෙවිල යද්දි ආපහු හැමදේම සාමාන්‍ය උනා.ඒ ලෙවල් වලට තව කල් තිබ්බත් දොලහ වසර වෙනකන්ම පිස්සු නැටුවත් දහතුනට එනවා කියන්නෙ වෙන වෙන දේවල් වලට යොදවන්න තීන වෙලාව ගොඩක් අඩු වෙනවා.විබාගෙ තමයි මේන් ෆෝකස් එක .සමහර කපල්ස් එක්සෑම් වෙනකන් කියල එෆෙයාර්ස් නතර කරනවා.සමහර අය නම් බැලන්ස් එකේ කරන් යනවා . සෙනායා අතරයි ස්නේහ අතරයි තීන රිලේශන්ශිප් එක නතර උනේ නෑ .ඒක තාමත් එහෙන්මමයි .ඒ කියන්නෙ රොමෑන්ටිකලි ඒක ගැබුරු බොන්ඩ් එකක් නොවුනත් සෙනායා ගැන ස්නේහ ගොඩක් කෙයා කරනවා .හිමංසට කොච්චර හිත රිදෙන දේවල් ඔය කාලෙ අතර උනත් කාලෙත් එක්ක ඒ වේදනාවත් සාමාන්‍ය උනා .ඒ වේදනාව දැනෙන්නෙ නෑ කියන්න බෑ .හැබැයි කලින් තරම් ඒක මතම නැහෙන්න ගිහින් හිත පාරගන්න හිමංස අකමැති උනා. තේජාන් ගතිගුන අතින් හොද කෙනෙක් .කාලෙ ගෙවිල යද්දී හිමංස ගොඩක්ම තේජාන්ට ලං උනා.හිමංසගෙ හිතේ තේජාන් ගැන යාලුකමට එහා හැගීමක් තාම නම් ඇතිවෙලා නෑ .හැබැයි සාමාන්‍ය බැදීමකට වඩා සීමාවක නතර උන  බැදීමක් හිමංසගෙ හිතේ තේජාන් ගැන තිබුනා.ඒක සමහර විට සහෝදර කමක් වෙන්නත් පුළුවන් .ඒත් පිටින් බලන කෙනෙක්ට ඒක මොන වගේද කියල නම් හිතාගන්න බෑ.
හිමංස කෙනෙක් එක්ක කතා බහ කරල ආශ්‍රය කරන එක සාමාන්‍යයයි හැබැයි තේජාන්ට ගොඩක්ම ක්ලෝස් වෙන්න තරම් හිමංසට තේජාන් ගැන පැහැදීමක් තියෙන්න ඕනෙ අනිවාර්යයෙන් .ඒක ස්නේහ ගැන තීනව වගේ හැගීමක්ම නොවෙන්න පුළුවන් ඒත් සමහර දේවල් බලාපොරොත්තු වෙන විදියට නොලැබෙනකොට ලැබෙන දේ ලග සැනසෙන්න හැගීම් ලග අසරණ වෙන අය උත්සහ කරනවා ..!!

!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now