තිස්තුන්වන දිගහැරුම 🔅

138 28 20
                                    

"' පුතා හිමංස එන්නකෝ ....ම්ම් දැන් හරි ...චූටි පුතා ඉක්මන් කරන්නකෝ ....දුවා ......මේ ළමයි අනේ මන්දා . මේ හිමංස පුතා ඔයා යන්නකො මේ දෙන්න එනකොට හරි . ඔයා ගිහින් කන්න "'

සතියක් ගාණක්  ගෙවිලා ගියා හරි ඉක්මනටම අරවින්ද අන්කල් ආපහු ගෙදර ආවා .හැමදේම හොඳින් වීගෙන යනවා කිව්වොත් හරි . හැබැයි එකම එකක් ඇර අරවින්ද අන්කල් .
එයා ආව දවසට පස්සෙ  දවසෙම සෙනායල එක්කම ස්නේහලහ ගියා ඩිනර් එකට .
වෙච්ච දේවල් එක්ක අරවින්ද අන්කල්ගෙ වැරැද්දක් නැතුව උනත් එයාගෙ වයිෆ් විදියට සෞම්‍යා ආන්ටි ඒ ප්‍රශ්න වලට ෆේස් කරපු විදිය ඇත්තටම මාරයි . මොකද ගෑණු අය කියන්නේ කොච්චර හරි බව දැන උනත් කොහෙන් හරි පටලගන්න අයනෙ .එහෙම වෙලත් මේ ප්‍රශ්නෙදි ආන්ටි පුදුම තරම් බුද්ධිමත් .
එදා රෑ ගැන කිව්වොත් කාලෙකින් හම්බුන ආන්ටිලා දෙන්නට නිදහසේ කතා කරන්න හම්බුන ස්වර්ණමය රැයක් .
එහෙන් එනකනුත් කතාව ආපහු කෝල් එකෙනුත් කතාව ඒක නම් පුදුම කතාවක්  .
සෙනූයි සෙනායයි මමයි ස්නේහයි පාර්ටි ගේම්ස් වගයක් ප්ලේ කරා .එදා රෑ එහෙන් එනකොට පාන්දර එකත් වෙලා .
සොම්‍යා ආන්ටි හිතුණොත් ආපහු ජොබ් එකට යන්නේ නෑ කිව්වා .
ඒකත් එක අතකට හොදයි මොකද නේහ උනත් අන්කල් නැතිවෙලාවට තනියමනෙ . නේහ් අරවින්ද අන්කල් ආවට පස්සේ කලින්ටත් වඩා නෝමල් උනා . ඒත් තාම කතා කරනකොට නිතර ඒ ගැන මතක් කරනවා .
එයා හිතලම එවා ගැන කතා නොකර ඉන්නවා කියල තේරුණා මොකද ඒවගෙන් මගේ කලු ගැහුන සමහර දේවල් මතක් වෙන්නත් ඒක හේතුවක් නිසා .

කෑම කන වෙලාව වෙනකනුත් අරවින්ද අන්කල් එදා මන් දෙතුන් පාරක්ම කතා කරන්න මූණ හදන් ගියත් එයා කලේ මාව මගාරිය එක .මට වෙලාවකට හිතුණා නේහ මාව අරවින්ද අන්කල් බලන්න එක්කන්  නොගියෙත්  අන්කල් මන් එක්ක හිත හොඳ නැති නිසාද කියල .ආව වෙලාවෙ සෙනායයි සෙනූයි එක්ක හිටි නිසා හිනා උනා උනත් පස්සෙ මට තේරුණා අන්කල්ගෙ හිත හොඳ නෑ කියල .
ඒක සාධාරණයි මොකද එයාට උන ඒ දේට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ මම .ඒ නිසා අමාරුවෙන් උනත් මන් හිත හදාගත්තා .
හැබැයි තව පාරක් මගේ හිත රිදුණෙ අන්කල් කිව්ව කතාවක් එක්ක .

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now