දහසයවන දිහහැරුම 🔅

111 25 12
                                    





මම දැන් ලැජ්ජාවෙන් ඇඹරෙන්න ඕනෙද !? ඒත් මොකටද ?
එයත් පිරිමි ලමයෙක් මමත් පිරිමි ලමයෙක් .එතකොට එයා මේ කරන දේවල් සාමාන්‍යයයි .මන් ඕනවට වඩා හිතන්න ඕනෙද !? නෑනෙ සාමාන්‍යයයි ..,
ඒත් මගෙ හදවත නම් අසාමාන්‍ය විදියට ගැහෙන්න අරන් .ඒක වේගෙන් වේගෙන් ගැහෙනවා.
හැමදේම සාමාන්‍ය විදියට වෙන්න බැරි ඇයි !? මමම විතරක් මේ තරම් මොකටද !? මට බයයි මේ මිරිගුව පස්සෙ මන් ආපහු හති වැටෙනකන් දුවන්න ගනීද කියල.

තාමත් ඔඩිටෝරියම් ස්ටේජ් එකේ කලු තිර වහල.ස්ටේජ් එක කෑලි කපන කලුවරේ.මන් දන්නෙ නෑ ඇයි කියන්න මට මේ මනුස්සයා කියපු දේ නොකර ඉන්න තරම් හිත නොදෙන්නෙ.
කලුවරේ උනත් මගෙ ඇස් වලට පැටලිලා තීන ඇස් නම් හොදටම දිලිසෙනවා.මට මේ තරම් එයාගෙ ඇස් පැහැදිලිව පේන්නෙ දිලිසෙන නිසාද නැත්නම් මගෙ ඇස් කලුවරට හුරු උන නිසාද කියන්න නම් මට තේරෙන්නෙ නෑ.
එත් මන් බලාගෙන ඉන්නවා.ඇස් කියවන්න මන් දන්නෙ නෑ.එත් දැන් මේ මොහොතෙ මට හිතෙනවා ඒ දේ මට කරන්න පුළුවන් නම් !?
එයාගෙ දිලිසෙන ඇස් වලින් මට මොන මොනවදෝ කතා ගොඩක් පේනවා !
ඒත් කිසි දෙයක් මට තේරෙන්නෙ නෑ.
හැම තැනින්ම පැටලුන නූල් බෝලයක් වගේ.

කොච්චර ක්‍රවුඩ් එකක් ඉන්නවද කියන්න මන් දන්නෙ නෑ . මොකද කලු තිර ඇරුනත් මන් ඉන්නෙ ඕඩියන්ස් එකට පිටුපාලා .
ඒත් මට හිතාගන්න පුළුවන් ඔඩිටෝරියම් එකේ බැල්කනිවල ඉදලම ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනග ඇති .

දවස් ගානක ප්‍රැක්ටිස් එකෙන් ප්ලේවෙන්න ගත්ත මියුසික් එකට තාලෙකට අඩිය තියන්න පටන් ගත්තත් මන් තාම මුල් වර්ස් එකේ තුන්වෙනි පේලිය පටන් ගන්නකන් බලන් ඉන්නවා !

හිතුව වගේම තුන්වෙනි පේලියේදි ඉන වටේ තිබ්බ අත තව ටිකක් තදවෙන ගමන් එයාලගටම මාව ඇදිලා ගියා !

මට ලාවට වගේ ඇහෙනවා ක්‍රවුඩ් එකේ සද්දේ !? ඒත් මන් ඉන්නෙ පියවි ලෝකෙ නෙවේ එහෙම උනානම් ඒ සද්දෙ මට දැන් ඇහෙනවට වඩා දෙතුන් ගුනයක් හය්යෙන් ඇහෙවි.
මන් ඉන්නෙ අර නිමක් පේන්නෙ නැති කෝපි ඇස් වල ගැබුරටම ගිලිලා.
එයාලග එන එයාගෙම සුවදට මත් වෙලා.
එයාටවත් මගෙ ඇස් කියවන්න පුළුවන් නම් !?
එහෙනම් එයා දැනගනීවි මගෙ යටි හිතේ දැන් දැන් වාන් දාන හැගීම් හැම එකක්ම. ලාවට මගෙ ඇස් වලට බැදිල තීන තෙත පටලෙට හැගීම් පිරුන මගෙ ඇස් වලින් කියන කතා වැහෙන්න නැතුවැති !
ඒත් ඒ එයා කියවනවනම් විතරයි !

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now