විසිතුන්වන දිගහැරුම 🔅

135 29 33
                                    

"' ඒඑහ් ඒහ් මොකක්ද ඒ සීන් එක ඈ බන් ස්නේහ උබ කවද්ද මූව ඇඩෙව්වේ . ආතල්ද පොඩි එකෝ ..... හිමංස !? උබ ඇඩුවද බන් "'

" මදුනි විහිලු ඇති දැන් ! "

"* විහිලු නෙවේ ඇයි ඔයා ඇඩුවේ ! එන්න කලින් මගෙන් ටිශූ එකකුත් ඉල්ල ගත්තේ *"

" ඒ අඩල නෙවෙයි මදූ මන් මූන සේදුවා ඒකනෙ ටිශූ එකක් ඉල්ල ගත්තේ ......අහ්හ් අන්න අය්යා ආවා "

"' හිමංස උබ සිරාද !? ඇඩුවෙ නෑනෙ "'

" ඔව් ඔව් බන් නංගි විහිලුවට කියන්නැත්තේ . පිස්සුනෙ උබට "

කතාව එහෙම මගෑරුනත් ඒක කිව්වට පස්සේනම් ස්නේහ මන් දිහා දෙතුන්පාරක්ම බැලුවෙ එයාට මොකක් හරි තේරුනාද කියන්න නම් මන් දන්නෑ .
තේජානුත් ආව වෙලේ ඉදන් වැඩි කතාවක් තිබ්බේ නෑ.

කේක් කටින් එකක් තිබ්බේ නෑ .හැබැයි ස්නේහගෙ යාලුවොන්ට විතරක් කියනවා කිව්වට ආන්ටි වැඩ කරන වෝඩ් එකේ අයට ආරංචි වෙලා ආන්ටි ලගින් ආශ්‍රය කරන අය රෑ වෙද්දි එන්න ගත්තා . ගොඩක් අය මන් හිතන්නේ නර්ස්ලා ලේඩි ඩොක්ටර්ස් ලා දෙන්නෙකුත් හිටියා .
කතා බහෙන් තේරුනේ එයාලා ඩොක්ටර්ස්ලා කියල . සෙනායා අන්කල් එක්ක එද්දි හතත් පහු වෙලා .
සෙනායට ස්නේහලාගෙ අම්ම ගොඩක් එකතුයි .එයා විතරක් නෙවේ ඇවිත් හිටපු අයත් මන් හිතන්නේ කලින් සෙනායලාගෙ අම්මව අදුරන අය හරි කොහොමහරි ගොඩක් අය සෙනායව නම් අදුරනවා .
හිතුවට වඩා සෙනග හිටිය නිසා මට නම් ඕන උනේ පුළුවන් තරම් ඉක්මනටම ගෙදර යන්න . කේශාන්ලගෙ බයික් එකේ යන්න පුළුවන් කිව්වත් රෑ වෙද්දි හොද සිහියෙන් ඉදීද කියල තමයි ශුවර් නැත්තේ !

ආපු අයට ඩිනර් එක රෙඩි කරල සාලේ ඉදන් කට්ටිය කතා කර කර හිටියෙ .වෝඩ් එකේ අය ආවා කියල දැනගෙන කොහොම හරි අන්තිමට අරවින්ද අන්කල්ගෙ යාලුවොයි කාටවත් කියන්නෑ කිව්වට නොකිය ආව අය මහ ගොඩයි .ඒ හරියෙ ලේන් එකේ අයටත් කියල තිබ්බා .තේජාන්ලගෙ ෆැමිලි එකේ අය විතරක් නෙවේ ඒ හරියෙ ලගම ගෙවල් දෙක තුනකම අය හිටියා .
කේශාන් ඩිලාන් තේජාන් නම් කොහොමත් කලින් ඉදන් ස්නේහගෙ ලගින්ම ආශ්‍රය කරන අය නිසා ඒ ඇවිත් හිටපු අයගෙ ෆැමිලි වල අපේ වයසේ වගේ හිටිය අයව එයාල අදුරනවා .මම නිකන් එතන කොන් වෙලා වගේ .දැන් පුළුවන් නම් ගෙදර යන්න මන් බලන් ඉන්නේ !

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now