දහතුන්වන දිගහැරුම 🔅

126 24 26
                                    







ᴥ︎︎︎ හිනා වෙද්දි ඇස් පේන්නෙ නැති ලස්සන පිරිමි ලමයෙක්ගෙ දින පොතක කොලයක්  ................

බොම්බෙලි නොවන කරවලයි සුදු ලූනුයි එතෝට අපේ චූටි බබාට ලෙමන් ගෙඩි දෙකයි කොකෝවා ඇට පැකට් එකයි අම්මට තෙබු කොල මිටියයි.... මාකට් එකෙන් අරන් ඉතුරු ටික කාගීල්ස් එකෙන් ගත්තා.ඒකෙ කැශියර් එකේ ඇන්ටිගේ හොර එක මිනියට අහුවෙලාද කොහෙද ෆෝන් එක කනේ ගහන් 'හනේ සුඩූ ඔයාට මන් ඒම කරයි කියල හිතන්නෙවත් කෝමද ' යැයි යැයි තමයි හැබැයි හොර එකට පින් දෙන්න හිතුනෙ මලාට ඉතුරු වරද්දනෙ නැති ඒකි මට වැඩිපුර දෙසීයක් දීලා.එක අතකට අම්මා එන්නෙ නැති එක හොදයි ඒම නැත්තං වැඩිපුර දුන්නම අනේ පුතේ මේන්න වැඩිපුරත් දීලා කියල ආයිඒ ගෑනිටම දේවි. ඒ තරම සුපේශල ශික්ශා කාමීවතමයි දිවන්ගත සීයයි ආච්චී අම්මව හදල තීන්නේ.නෑ හදල වදල තීන්නෙ.
සීතලට හුරුවෙලා ඉදල එක පාර මෙහේ ආව නිසා තොල් පැලුනත් මන් හිතුවෙ කාලයක් යද්දි ඒක අඩුවෙයි කියල.කොහෙ ! තාම ඉඩෝරෙට අහුවෙච්ච මාස්මිලො එක වගේ මගෙ තොල් තාමත් පැලෙනවා .පැලෙන්නෙ හීතල නැති නිසාද නැත්නම් රස්නෙ හින්ද්ද කියලනම් ඩිස්පැන්සරියෙ ආරියලතා ඇන්ටිගෙන් අහනත් පුලුවන් ඒ උනාට ගෑනිට ඕක අහල මල පැන්නොත් කන්න වෙන්නෙ එයාගෙ සදාදරනීය ප්‍රේමනීය වයසක හස්බන්ඩ් රෑට් මීමින්නො ආවම මරන්න අරන් යන දෙකේ දෙකේ තුනට නවන කුඩෙන්.ලිප් බාම් එකට කෙල වෙන වැඩක් තමා ඒකෙන් වෙන්නෙ.
ලේන් එකට අලුතෙන් කපල් එකක් ඇවිල්ලා.දෙන්නම අවුලක් නෑ ඒ දෙන්නගෙ හැටියට එකාට එකිනෙකා ගැලපෙනෝ . තාම වාහනයක් ඒම අරන් නෑ. ඇත්තටම නැතුවැති .මගෙ අනුමානෙ ඒක.ඒකෙන් වැඩක් නෑ කෝම හරි තාම හිතාගන්න බැරි එයාලා දෙන්න එකට පාරේ යද්දි අක්කගෙ පස්සට වඩා ටිකක් කොටට තීන ඒ කිව්වෙ පස්ස ගාවට වෙනකන් දිග නැති කොන්ඩෙ අර කොල්ලා  යාර ගානක් දිගට අත දික් කරල යනකන් එනකන් ඒක අතගාන්නෙ ඇයි කියල . සාධාරනයි වට්ටක්කෙන් අත තියන් ගියා නම් .දැන් මෙතන බොන්න ඕනෙ ප්‍රශ්නෙ කියන්නෙ අහවල් එකටද මූ කොන්ඩෙ අගිස්ස අතගාන්නෙ.මට එක එක කොණ්ඩ මතක් උනත් . කොල්ලගෙ මූන දිහා බැලුවම නම් එච්චර අසහනකාර ලයින් එකකුත් නෑ කෝමහරි ඒක අදති දෙසීය විසි වෙනි වතාවටත් ,කෙල්ලගෙන් අහන්න ඕනෙ පොතේ ආපහු වතාවක් ලියාගත්තා .කියන්න බෑනෙ ඕකි හම්බෙනකොට මට අහන්න අමතක උනොත්.
දහසක් පැතුම් ඉටුවන මේ සුන්දර උදෑසනේ පතන්නම් ඔබට - කියල උදේට අර මීඩියා එකේ ගෑනි දෙය්යනේ කියල පටන් ගන්න කාලකන්නි වරු ගානට පින් සිද්ධ වෙන්න සුඩු මගෙ කලු හම පෑදෙන්න අරන් . ඇයි මන් අහන්නෙ පිනාටයි උගෙ හොර මිනිස්සු දෙන්නටයි කියන්න තීන ඒවා උන් උන් කතා කරන් ඉවර කරල අන්තිමට සාරාංශ කරල අපිට රූල් තුනකට අරන් හැමදාම කියන අර එක විනය  දෙක ඉගැනුම තුනත් විනය කියන එක හැමදාම යටිගිරිය පලාගෙන වගේ කෑගහන බට් කොවුලියක් කියල හිතන් ඉන්න කොන්ඩෙ ඇදේට ගොතන නංගිට දුන්නනම් අපිත් සතුටින් මගෙ ස්කින් එකත් සතුටින් එතකොට මගෙ පොඩි එකත් සතුටින් .දෙය්යනේ ඒම උනානම් මගෙ පොඩි එකාව මට හැම්දාම සතුටු කරන්න ඕනෙ නෑ සුඩු මගෙ ලස්සනට වසී උන එකියක් උදව්වට ගන්න තිබ්බනේද . මේවට වක්‍රාකරයෙන් වග කියන්න ඕනෙ පිනාගෙ උප පිරිමි බිසව.
පිනා ස්ටේජ් නැග්ග ගමන් පිනා විනාඩියක් කතා කරනො 'එහෙම නේද විනය බාර සර් ' .මූ කියන කියන වචන දහයක් ගානේ අනුප්‍රාසාලංකාරෙ දාන්න වගේ අරූගෙ දිහා බල්ල ඕක කියනො ඉතින් වරු ගානක් ඉන්න මගෙ ස්කින් එක අවුට් යන එක අහන්න දෙයක්ද .
ම්ම් දෛනික කටයුතු සාමාන්‍යයයි .එතෝට මේ දවස් ගානටම අල්ලපු ගෙදර ත්‍රී විල් හයර් කරන එකාව පේන්නවත් නෑ. සැක කරන්න තරම් හේතුවකුත් නෑ ඒත් මිනිහව දැක්කම උගෙ දත් ඇන්දෙ කොනේ ඉදන් පේලියට ගලවන්න තරම් ෆීලින් එකක් එන්නෙ ඇයිද මන්ද . හැබැයි මිනිහා එච්චර කලබල නැති පාඩුවේ ලේන් එකේ ඉන්න පොරක්.
අදත් අම්මගෙන් හැමදාම අහන ප්‍රශ්නෙ ඇස් තෙමාගෙන පල්ලම් බහින කදුලු වලින් නතර උනා.
තාමත් අම්ම ඒ දවස ගැන මතක් කරද්දී පවා ගැස්සිලා යනවා.එක්කො එයාට ඒවා මතක නෑ එක්කො එයා මට කියන්න කැමති නෑ.මාව එයා තාමත් දකින්නෙ අක්ක එක්ක රණ්ඩු උන අවුරුදු හයේ හතේ පොඩි කොල්ලෙක් ගානට .
කවද කොහොම උනත් සාධාරණය කියන දේටත් ලෝකෙ කොහේ හරි ඉඩක් ඇතිනෙ එතකන් ඉවසිල්ලෙන් ඉන්නවා.

Enchanted to meet you  | TK | nonfic | COMPLETED ✔ Where stories live. Discover now