😤 LIER 😤

234 60 42
                                    

පා පන්දුව තමා වෙත පැමිණෙනවා දුටු ටේහෝන්ග් ,තම  දෙනෙත් පියාගන්නට වූයේ ඔහු තුළ හටගත් අධික බිය හේතුවෙනි.

නමුත් එක්වරම තම පාද අවකාශයේ  පාවෙනවා මෙන් ඔහු හට දැනෙන්නට වූ බැවින්  ඔහු තම දෙනෙත් හිමින් හිමින් විවෘත කර බලන්නට වූයේ පිටිය තුළින් ඇසුනු ජය ඝෝෂා හඬත් සමගමිනි. 🥁🥁🎺📯

Commentator :
"ඔව්; මෙවරත් පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නේ , stanton වොරියර්ස්  පිළයි." 🔊🔊

"ජයග්‍රාහි පිළ  වන   ස්ටැන්ටන් පිළට  අපගේ  උණුසුම් සුබපැතුම්." 🔊🔊

Audience : හුරේ!!!
                     ( whistling and   cheering )

Taehyng' s pov :

මට නම් තේරෙන්නෙ නෑ  මං ඒ බෝලයට කොහොම පයින් ගැහුව ද කියලවත් , මට මතක තිබ්බෙ බෝලෙ ආපු වේගෙට මං  ඇස් දෙකම වහගත්ත කියල විතරයි.

ඒත් කණ්ඩායම් අනිත් අය නම් කිව්වේ මං හැමෝම පුදුම කරන විදිහට බෝලයට ප්‍රතිප්‍රහාර එල්ල කළා කියලා.

මං  කොච්චර වේගයෙන්  බෝලෙට ගැහුවද කිව්වොත්,මං ඇස් ඇරලා බලද්දී , බෝලේ   ගෝල් එකෙ වැදිලා  නෙට් රෙද්දත් ගලවගෙනම ගිහින් තිබ්බෙ. 😂😂

  කොහොම කොහොම හරි..... මං අන්තිමේදී ; තරගයේ විරයත් වුණා.

කණ්ඩායමේ හැමෝම මාව වඩාගෙන කැරකුව පාරට මට නිකං , තාමත් කලන්තේ වගේ.

අන්තිමේදී..... මං එක දෙයක් තේරුම් ගත්තා;  ගත්තා ජීවිතයට අවාසනාව එනවා වගේම කවදාහරි ජීවිතයට වාසනාවත් ඒ  විදිහටම අපි පස්සෙන් එනවා  කියලා.
ඒක තමයි ලෝක  සත්‍යය.

-------------------------------------------

විනිසුරුවන්ගෙන්  මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙන් ද , ඒ වගේම කණ්ඩායමේ සෙසු පිරිසගෙන් ද ලැබුණු ප්‍රශංසා මැද්දේ ටේ , විවේකාගාරය වෙත පිය මැන්නේ....... තරගයෙන් පසු තම  ඇඟ සෝදා ගනිමින් පිරිසිදු වීම සඳහාය .

පිරිසිදු වීමෙන් අනතුරුව සැහැල්ලු ඇඳුමකින් සැරසුණු ටේ , තම ලොකරය වෙත පැමිණෙන්නට වූයේ ....ඔහුගේ නව ක්‍රීඩා සපත්තු යුගල ලොකරයට  දැමීම සඳහාය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now