NICE 2 MEET U🤗🤗

368 91 25
                                    

සුවිසල් බංගලාවේ උඩුමහල දෙසට තම නෙත් යොමුකළ TAEHYUNG  හට එහි දැකගත හැකි වූයේ නාදුනන පිරිමි ළමයෙකු විසින් තමා වෙත තම සුදුවන් දත් දෙපළ පෙන්වමින් සිනාසෙන අයුරු ය.😁😁

එම ළමයා යමක් මත වාඩි වී සිටි බැවින් ටේහොන්ග්  හට  දැකගත හැකි වූයේ ඔහුගේ මුහුණ පමණකි.

පෙනුමෙන් ඔහු ,තමාගේ ම වයසේ හෝ තමාට වඩා වසරකින් වැඩි අයෙකු යැයි කිව හැකිය.

🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️

පිටත වර්ෂාව කෙමෙන් කෙමෙන් වැඩි වනවාත් සමගම මෙම නාදුනන  ළමයා තම බංගලාව වෙත  ටේහොන්ග්  හට  පැමිණෙන්න යැයි හඬ ගැසීමට මෙන් අතින් සංඥා කරන්නට විය.

Taehyung 's point of view

මෙයාද  එතකොට මට දෙපාරක්ම බෝලෙකින් දමලා ගැහුවෙ ,ඒත් මට පේන විදියට නම් බෝල  වලින් සෙල්ලම් කරන වයසක නෙමෙයි මෙයා  ඉන්නේ.

වැස්සත්  එන්න එන්නම වැඩි කරනවා.

මම ඇතුලට යන්න ද?, එපා ද? එහෙම කෙනෙක් හඬ ගහපු පලියට කාගේ හරි ගෙදරකට යන  එක හරිද? අනික ඒකත් මේ නොදන්න තැනකට.

මේ ගෙදර ළමයාත්  හරිම අමුතු කෙනෙක් වගේ; මුලින්ම මගේ ඔළුවට බෝලයකින් දමලා  ගැහුවා, ඊට පස්සේ මට   දත් තිස් දෙකම විරිත්තලා හිනා  වුණා.

දැන් ගේ ඇතුලට එන්න කියනවා තව ටිකකින් එයා " මෙන්න ගෙදරට හොරු පැනලා" කියලා යටි ගිරියෙන් බෙරිහන් දෙයි ද දන්නේ නෑ .කමක් නෑ ඕන දෙයක් වෙච්චාවේ කියලා මං ඇතුලට යනවා මොකද මෙතන හිටියොත් මට හොඳටම තෙමෙන්නයි වෙන්නේ

මෙලෙස බංගලාවේ දොර හිමින් සීරුවෙ අරිමින් ටේ එහි  ඇතුළු වන්නට විය.

බංගලාව ඇතුලෙන් දොර අගුලු ලා නොතිබූ හෙයින් ඔහු හට ඇතුලට පිවිසීම එතරම් අපහසු නොවීය.

" වාව්....... මේක ඇතුල එළියෙන් පේනවට වඩා ගොඩක් ලොකුයිනෙ ,  ඒත් ඇයි? ; මෙච්චර ලොකු බංගලාවක් වෙලත්  මෙච්චර හිස් බවක් .

ඇතුලේ  කිසි සද්දයක් බද්දයක් වත් නෑ.
හරියට පාලු  සොහොනකට ආවා වගේනේ .

එකවරම ටේහොන්ගේ හුදෙකලා වත් බංගලාවේ පාලු ස්වභාවයත්  බිඳ දමමින් නාදුනන  ළමයා  taehyung  කරා පැමිණෙන්නට විය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now