🃏 THE TRUMP ♠️

94 24 24
                                    

මිතුරන් සිව්දෙනා පහත මහළේ තනිකර දමමින් ටේහෝන්ග් ඉහළ මහළ වෙත දිව යන්නට වුවේය .

දාඩාස්......

යන හඩක් නගමින් ඉහළ මහළයේ වූ කාමරයකට පිවිසි ටේහෝන්ග් හට,  එහි දක්නට ලැබුයේ ...කෝපයෙන් හා අධික දුකකින් රත් පැහැගැන්වුනු නෙත් යුගලක් සහ  ආයාචනාත්මක අන්දමින් තමා දෙස බලා සිටින නෙත් යුගලයන් ද්විත්වයකි.

ටේහෝන්ග්ගේ හදිසි පැමිණීම දිටි රත් පැහැති දෙනෙතට හිමිකම් කියු පුද්ගලයා .....

" ටේ....ටේ....හෝන්ග්..., මේ...මේ....මිනිහට පිස්සු හැදිලා ...මේ මිනිහා....කියනවා....ඔ...ඔ...ඔයා ....පිටසක්වල ජිවියෙක්  ලූ.....

තව....තව....මේ කාලකන්නියා....කියානවා...
අවුරුදු 18 කට වෙච්චි අනතුරටත් .....ඔයගෙ සම්බන්ධයක් තියෙනවා ලූ..."

" සමාවෙන්න ටේහෝන්ග් ; ඔයාගෙ තාත්තා මෙතනට ඇවිත් ලොකු කලබලයක් ඇති කරන්න පටන් ගත්තා ...ඉතින් මට මේ ගැන එයාට නොකියා ඉන්න බැරි වුණා ."

මෙලෙස පිළිතුරු දෙන්නට වූයේ ආයාචනාත්මක දෑසක් හිමි පුද්ගලයායි.

" කියන්න ටේහෝන්ග් ....මෙයාලාට කියන්න ඔයා පිටසක්වල ජිවියෙක් නෙමෙයි. කියලා ....කියන්න ...

දෙවියන්ගේ නාමයෙන් මේ මනුස්සයාට කියන්න ඔයා ...ඔය කෙහෙල්මල් පුනරුත්පත්තියක් විශ්වාස කරන්නේ නෑ , කියලා කියන්න ටේහෝන්ග් ...

තව.....මීට අවුරුදු ගානකට කලින් වෙච්චි අනතුරට ඔයා  කොහෙත්ම සම්බන්ධ නෑ කියලා කියන්න ටේහෝන්ග් ...
මං කියන්නේ අවුරුදු 18 කලින් ඔයා .....නූපන් ළදරුවෙක් ඉතින් කොහොමද එහෙම දෙයක් වෙන්නේ ....එහෙම නේද ?.."

කරුණාකරලා...කට අරින්න  ටේහෝන්ග් ඔයාගෙ තාත්තා වෙනුවෙන් මේ මිනිහට ඒක  කියන්න ."

යනුවෙන් ඔහු හඩා වැටෙමින් ටේහෝන්ග් වෙත අයාචනා කරන්නට වුවේය .

හඩනා අතරතුරදී ඔහු ,

"කියන්න ....පුතේ ...කියන්න .මේසේරම බොරුයි කියලා ...කියන්න ."
යැයි තනිවම මුමුණන්නට විය .

කිම් සම්දොන්ග්ගේ මේ හදිසි සංවේදී බව ටේහෝන්ග්ට පමණක් නොව ජේසන් හටද නුපුරුදු දෙයක් විය . ඊට හේතුව ඔහු මෙලෙස හඩා වැටෙන අයුරු ඔවුන් කිසි විටෙකත් දැක නොතිබීමයි .

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now