🛸 THE DESTINATION 👽

197 49 24
                                    

" එදා ඉදන් අපි ලෝකය දිහා බැලුවේ වෙනස්ම කෝණයකින් . ඒ වගේම ඒ දැක්ම අපේ  පරීක්ෂණ වලට  අලුත් මුහුනුවරක් ගෙනාවා .

සමහර මිනිස්සු කියන්න  පටන් ගත්තා 'නාසා' එකේ  විද්‍යාඥයින්ගේ  සිහිය විකල් වෙලා කියලත් ,  එයාලා ප්‍රශ්න කළා ඇයි අපි ජීවිතේටවත්  දැකලා නැති පිටසක්වල ජීවීන් ගැන මෙච්චර පරීක්ෂණ පවත්වන්නෙ  කියලා.

තවත් සමහරු කිව්වා මේ පිටසකවල ජීවින්ද  මොක්කුද හොයන වෙලේ...... අඟහරු වල මිනිස් වාසයට සුදුසුයි ද  කියලා හෙව්වා නම් ඊට වැඩිය හොඳයි කියලා......"

Professor :- "  ඔයා මොකද  හිතන්නේ ටේහෝන්ග් ;  ඇත්තටම පිටසකවල  ජීවීන් කියලා පිරිසක් ඉන්නවද?."

Taehyng :- " පිටසක්වල ජීවීන්ව තාම  කවුරුවත්ම හරියට දැකල නෑ...... ඉතින් එක මිත්‍යාවක් වෙන්න බැරිද?."

මෙලෙස ටේ ,  මහාචාර්යවරයා ගේ පැණයට සාමාන්‍ය අයුරින් පිළිතුරු දෙන්නට වූ නිසාම මහාචාර්යවරයා යළිත් ඔහුට පෙරළා මෙලෙස පවසන්නට වූවේය .

" ඔය , දැක්කනෙ....... ඔයත් අනිත් මිනිස්සු වගේමයි ටේහෝන්ග් .  ඔයා හිතන්නෙත් පිටසකවල ජීවීන්  කියන්නේ මිනිහගේ හිතේ මැවිච්ච  මායාවක් විතරයි කියලයි.

හොඳයි මෙහෙම හිතන්න. පෘථිවිය  කියන මේ පුංචි නිල්  පාට බෝලය  ඇතුලේ ,  ඔයා මම වගේ ජීවයන්  පවතිනවා නම් ;  ඇයි ඔයාට හිතෙන්නේ නැත්තේ..... මේ වගේ දහස් ගණනක් ග්‍රහලෝක තියෙන විශ්වයේ තවත් මේ වගේ ජීවය තියෙන ග්‍රහලෝක තියෙන පුළුවන් කියලා."

මෙවර නම් මහාචාර්යවරයා ටේහෝන්ගෙන්  ප්‍රශ්න කරන්නට වූයේ සැබෑ මහාචාර්යවරයෙකු  විලසය .


" ඔයා ඊජිප්තුවේ පිරිමිඩ ගැන අහල තියෙනවා නේද ?, ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයන්ගේ පවා ඇගයීමට ලක්වෙලා තියෙන.

ඔයා  හිතන්නේ මිසරයේ  මිනිස්සු ගලින් ගල ගෙනත් තියලා තනියම මේවා හදන්න ඇති කියලද ?......

තව ..... ඔයා අහලා  තියෙනවද?,  දකුණු ආසියාවේ රටක් තියෙනවා ශ්‍රී ලංකාවේ කියලා . මේ රටේ බොහොම  අපූරු ගලක් තියෙනවා........ 'සීගිරි' ගල  කියලා.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now