🌐PLANET BANTAN🌐

215 30 23
                                    


නිවසක වසා ඇති දොරක් ඉදිරිපිටට වී මද වේලාවක් රැදී සිටි ටේහෝන්ග් දිගු සුසුමක් පහතට හෙළමින් එහි වූ සීනුව නාද කරන්නට වූවේය .

සුළු වේලාවකින් නිවස තුළ සිටි කාන්තාවක් පැමිණ එහි ද්වාරය විවෘත කරන්නට වුයේ ටේහෝන්ග් හට නිවසට පැමිණීමට ආරාධනා කරමින් ය.

" ආන්ටි!... මං ආවේ ආන්ටිටයි, අන්කල්ටයි දෙයක් කියලා යන්න . ඇත්තටම මං
මේක කියන්න තිබුණේ නම්... මීට ඉස්සර.

ඒත් ....මට එහෙම කරන්න බැරි වුණා .

ඒකට මට සමාවෙන්න ."

" මං අද ආවේ ආන්ටිලාගෙ හිතේ මෙච්චර දවසක් ජිමින් ගැන තිබුණු වැරදි වැටහීමක් නැති කරලා යන්න ."

" ඇත්තටම මට දැනගන්න ලැබුණා ඔයාලා කාලයක් තිස්සේ ඉදලා මානසික රෝගයකට ජිමින්ට ප්‍රතිකාර කරනවා කියලා ....

ඒවගේම ඒ බව හංගන්න ඔයාලා ජිමින්ව හැමදේකින්ම ඈත් කරලා තිබුණා කියලත් .

ඒත් ....ඇත්තටම ....මේ හැම දේකටම වගකියන්න ඕනේ මම ...."

යැයි පවසමින් ටේහෝන්ග් අවුරුදු ගණනකට පෙර ජිමින් හා තමා අතර සිදුවූ සිදුවීම මෙන්ම තමාගෙ යථා ස්වභාවය පිළිබඳවද ඇයට පාපොච්චාරණය කරන්නට වුවේය .

.
.
.
.

" මං හිතනවා.... ඔයාලා මට මං අතින් වුණු ඒ වැරැද්දට සමාව දෙයි කියලා ..

ඒ වගේම ජිමිනුත්. ප්ලීස් ! එයාට කියන්න, මං එයාගෙන්.... වෙච්ච හැමදේකටම සමාව ඉල්ලුවයි කියලා ...."

" ඇයි ඉතින් ඒක ඔයාම එයාට ගිහින් කියන්නේ නැත්තේ ටේහෝන්ග් .

යන්න ගිහින් ඒක එයාට කියන්න . එයා උඩ තට්ටුවේ එයාගෙ කාමරයේ ඉන්නේ .

මට විශ්වාසයි එයා ඔයාව තේරුම් අරන් ඔයාට සමාව දෙයි කියලා .

ඔයාට එයාගෙන් සමාව ගන්න පුළුවන් වුණොත් ; මායි අන්කලුත් ඔයාට සමාව දෙන්න ලෑස්ති .

බය වෙන්න එපා ටේහෝන්ග් !, මං දන්නවා මගේ පුතා පේන තරම්ම නපුරු කෙනෙක් නෙමෙයි කියලා . එයා අනිවාර්යයෙන්ම ඔයාට සමාව දෙයි. "

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now