📓THE RED BOOK 📓

250 60 19
                                    

මේසය  මත වූ ෆයිල් කවර හැර එහි වූ වාර්තා පිරික්සීමට; ටේහෝන්ග්  තුළ  එකවරම ආශාවක් ඇති විය.

ඊට හේතුව ඒවා තම මව මිය යාමට ප්‍රථමයෙන්  සිදු කළ පරීක්ෂණ වල ඉතිරි  වූ වාර්තා  බැවින් ය .

පසුව , එම ෆයිල් කවර , එකින් එක හැර බැලූ ටේහෝන්ග් හට , එහි තිබී විවිධ වර්ගයට අයත් වාර්තා රැසක් හමුවිය.

ඉන් බොහෝ වාර්තා පෘථිවිය හා අභ්‍යවකාශය පිළිබඳ ඒවා වුවද,  ඉන් තවත් සමහරක් හදිසි අනතුරු සහ අතුරුදහන් වීම් පිළිබඳ ව ය.

Taehyng' s pov :-

අම්මාගෙ වාර්තා වල පෘථිවිය ගැනයි  අභ්‍යවකාශය ගැනයි සඳහන් වෙලා තියන  එක  පුදුමයක් නෙමෙයි කියලා කියමුකෝ.  ඒත් ඇයි එයාගේ වාර්තාවල හදිසි අනතුරු ගැනයි අතුරුදහන්වීම් ගැනයි තියෙන්නේ .

අම්මගේ රස්සාවෙයි  මේ දේවලුයි  අතර තියන සම්බන්ධය මොකක්ද ?.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මොනවා වුණත්  අම්මගේ පරීක්ෂණ  හරිම සිත් ඇදගන්නා සුළුයි.

හ්ම්........

දැන් බලමු......  හදිසි අනතුරු ගැනයි අතුරුදහන්වීම් ගැනයි මොනවද තියෙන්නෙ කියලා.

"ආ........... මේ මොකක්ද?.....

'1992 වර්ෂයේ සිදු වූ අභිරහසක්  රිය අනතුර'

------------------------------------------

ටේහෝන්ග් , මෙලෙස පත්තර පිටුවක් මගින් උපුටා ගත් ලිපියක ප්‍රධාන ශීර්ෂ පාඨය කියවීමෙන් අනතුරුව,  එහි තද කළු පැහැති අක්ෂරයෙන් "අභිරහස් "  යන්නෙන්  සටහන් වී  තිබූ බැවින්;  ඔහුගේ සිත;  ඔහුට තව තවත් බලකර සිටියේ......

පුවත්පතේ  ඇති අනෙකුත් කොටස්ද කියවා හමාර කරන ලෙසටය.

පසුව ඔහු තම සිතැගිය  පරිදීම පත්තරයේ ඉතිරි කොටස් ද , මෙලෙස කියවීය.

" 1992 වර්ෂයේ දෙසැම්බර් 12 වන දින රාත්‍රී 12 ට පමණ, 'ඇමරිකාවේ  ඇරිසෝනා' ප්‍රාන්තයේ සිදු වූ අරුම පුදුම රිය අනතුර  කෙරෙහි මේ වන විට කාගේත් අවධානය යොමුව  ඇති අතර මෙහි ඇති අභිරහස් බවට හේතුව ලෙස දැක්වෙන්නේ  රිය අනතුර  සිදුවන විටදී වාහනයේ රියදුරු අසුනේ සිටි ජීමි ජැක්සන් මහතා සහ එම මහත්මිය අනතුරින් පසු අතුරුදහන් වී තිබීමයි .

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now