THE TRUTH UNTOLD 🙈

280 68 31
                                    

" ඔන්න නැනී , අද ඉදලා මං ඉස්කෝලේ  ඇරිලා එනකම් ඔයාට ලොකූම ලොකු  රාජකාරියක්  කරන්න පවරලයි යන්නේ ."

යැයි ටේ  පවසන්නට වූයේ උණුසුම් කිරි වීදුරුව එක කටට ගිල  දමමිනි .🥛🥛

" ඔයාට පුළුවන්නේ  මං එනකං අපේ චූටි කූකුව  බලාගන්න."

" හැබැයි ඉතින්  ඒක ලේසි වෙන එකක් නම් නෑ නැනී "

පසුව ටේ චූටි කුකූ වෙත හැරී

" මොකද මේ චූටි කුකූ නම්  හරිම නසරානියෙක් "

" මං නම්   හිතන්නේ නෑ  winter bear , ඔය  බලුපැටියා බලාගන්න එක මට එච්චර අමාරු දෙයක් වෙයි කියලා"

" මොකද ....මට ....අවුරුදු 18 ක් පුරාවටම කොටි පැටියෙක්  බලාගෙන හොඳ පළපුරුද්දක් තියෙනවනේ ."
යැයි පවසා magi සිනාසෙන්නට විය.

මැගීගෙ මෙම වදන් ඇසූ චූටි කුකූ ටේහෝන්ග්  හට කට කොනින් සමච්චල් සිනාවක් පානට වුයේ මැගී  හට නොපෙනෙන   පරිද්දෙනි.

" හොදයි  එහෙනම්  චූටි කුකූ මට දැන් ඉස්කෝලේ යන්න තියෙනවා , හොඳ ළමයා වගේ නැනී  කියන දේ අහගෙන දඟ කරන්නේ නැතුව  ඉන්න ඕන හරිද ?"

" එයා ....ඔයා ඔය කියන තරම් දඟ බව නම් මට පෙන්නේ නෑ ටේ ."

" මේ බලන්නකෝ බලන්නකො හුරතලයට නැට්ට වන වන්  ඉන්න අපූරුව"

"නරකද ඔය බලු පැටියට චූටි කුකූ කිය කිය ඉන්නේ  නැතුව හොඳ  ලස්සන නමක් දැම්මොත්"

එවිට චූටි කුකූ ටේ  දෙස හැරී;

" ඒකනෙ මං මේ මෝඩයාට උදේ ඉඳන්ම කියන්නේ, මට ලස්සන නමක් දාන්න කියලා, කොහෙද ඉතින් මං කියන දෙයක්  කියන දෙයක් අහන්නේ නෑ නේ ."

"මොකද මගේ නැට්ට කොට නිසාද ?."

  යැයි පැවසුවද;  උගේ කට සෙලවෙන බවක්  නම් ටේ හට නොපෙනෙන්නට විය.

      "මෙන්න වැඩක් ; එතකොට
         මට දැන් බල්ලන්ගේ හිත්
           කියවන්නත් පුළුවන්
            ද ?." 😦

-------------------------------------------

ටේහෝන්ග් සුපුරුදු පරිදි මවගේ සොහොනට ගොස්; සොහොනේ සිට නැවතත් තම බස් නැවතුම්පොළ වෙත පා ගමනින් යන්නට වූයේ.....තම ගෙලෙහි වූ  මාලය  සමගම කල්පනා ලොවක අතුරුදහන් වෙමින් ය .

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now