🔊 THE ECHO 🔊

155 39 2
                                    

" ඊයේ මධ්‍යම රාත්‍රියේ, මෑන් හැට්න් සිට නිව් යෝර්ක්  බලා ගමන් කරමින් සිටි කාර්  රථයක් හදිසියේ ම අනතුරකට භාජනය වී ඇත.

නමුත් මෙහි ඇති විශේෂත්වය නම්;  වාහනයේ ගමන් කළ ෆීනික්ස් යුවළ  එම අනතුරින් පසුව අබිරහස් අයුරින් අතුරුදහන් වී තිබීමයි .

මෙහි රියැදුරු අසුනේ ගමන් කළ ජොනතන් ෆීනික්ස්  මහතා අවුරුදු තිස් හයක් වයසැති හැඩිදැඩි පෙනුමකින් යුත් අයකු වන අතර,ඔහුගේ බිරිඳවන ට්‍රිලීශියා ෆීනික්ස්  මහත්මිය අවුරුදු විසිහයක් වයසැති සුරූපී තරුණියක් වේ. ඇය අනතුරු සිදුවන අවස්ථාව වන විට මාස හයක ගැබිණියක්ව සිටි බවට  ආරංචි මාර්ගවලින් සඳහන් වේ.

ඉහත  විස්තරයේ ඇතුළත් ෆීනික්ස් යුවළ පිළිබඳව ආරංචියක් ලද වහාම  ළඟම ඇති පොලිස් මූලස්ථානයට වහා දැනුම් දෙන මෙන් man hattan පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි.
ස්තුතියි! ."

ටේහෝන්ග්, එදින සවස පාසල  හැරී නිවසට ආ විගස ඔහු හට හදිසියේ ම අසන්නට ලැබුණේ මෙවැනි පුවතකි .

පත්තරේ ඇති හදිසි අනතුරු පිළිබඳව ඇති ලිපි මෙලෙස හඬනගා කියවමින් සිටි magi එකවරම හැරී බලන්නට වූයේ.... තමා දෙසත් තමා කියවීම සිටි පත්තරය දෙසත් , දෑස්  විශාල කර ගනිමින් බලා සිටින ටේහෝන්ග්වය.

Magi :- " හානේ !..... 'වින්ට‍ර් බෙයා' ,  ඔයා කොයි වෙලාවෙද ගෙදර ආවේ ?. කොහෙද ඉතිං මේ පත්තර වල තියෙන අමුතු විදිහේ  articles හින්දා  මට සිහියක් පතක් නෑනේ.......

එක අතකට මේ වගේ අනතුරු  නම් සාමාන්‍යයයයි  කියලා කියමුකො..... ඒත් මේ විදිහේ අතුරුදහන් වීම නම් මීට කලින් වෙලා තියෙන්නෙ අවුරුදු පහළොවකට විතර ඉස්සර ලු.   පුදුමයි නේද?.

ඔයාගේ මූණ බැලුවමත්  හොඳටම පේනවා ..... ඔයාත්  ඒ කතාවට හුඟක් පුදුම වෙලා ඉන්න විත්තිය නම්."

මැගී මෙලෙස  සිනාසෙමින් කියන්නට වූයේ ......ඇය මීට පෙර මෙවැනි පත්තර ලිපි කියවන අවස්ථාවන්වලදී ඒ පිළිබඳ කිසිඳු අවධානයක් යොමු නොකරන ටේහෝන්ග් ,මේ  අවස්ථාවේදී ඒ පිළිබඳ  සැලකිල්ලක් දැක්වීම පිළිබඳව හිතේ එක් කොනකින් පුදුම වෙමින් ය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now