🧠HYPNOSIS 😵‍💫

176 35 20
                                    

"ටේහෝන්ග්!,

නෑ..... ඔයා මට ගොඩක් සමීප යාළුවෙක්ගේ  පුතෙක් වෙන නිසා මං ඔයාට පුතා කියලා  කතා කරන්නම්.

සාමාන්‍යයෙන් අපි කවුරුහරි පුද්ගලයෙක්ව මෝහනය කරන්න කලින්..... අපිට ඒ කෙනාගෙ  අවසරය ඒකට ඕනේ වෙනවා .

මෝහනයට  ලක්වෙන පුද්ගලයා වයස අවුරුදු 18ට අඩු ළමයෙක් නම්,  අපි ඒකට එයාගේ භාරකාරයින්ගේ අවසර පතනවා.  ඒත් ඔයා වයස අවුරුදු 18 ට වැඩි තරුණ ළමයෙක්  හින්දා...... මට ඒකට අවසරය ඕන වෙන්නේ ඔයාගෙනුයි.

ඔයාට තේරෙනවා ඇතිනේ මං මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ කියලා.  සරලවම කිව්වොත්..... මෝහනයකදී  කරන්නේ කෙනෙකුගේ යටි හිතේ තැන්පත් වෙලා තියෙන,  වැළලීගිය මතකයන් ආයෙත්  හාරලා එලියට ගන්න එක. ඒත් ඒකෙන් ඒ කෙනාට වෙන බලපෑම මෝහනය කියන අකුරු හතර තරම්ම සරල නෑ.

බොහොමයක් වෙලාවට මෝහනය මගින් කෙනෙකුගේ  ජීවිතේ වැළලිලා ගිය අඳුරු මතකයකට ආයෙත් පණ දෙන්නත් පුළුවන්. ඒත් මෝහනයෙන් එල්ල වෙන බලපෑම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.

කෙනෙක්ට ඒකෙන් සතුටක් ප්‍රතිකාරයක් ගෙන දෙනවා වගේම, තවත් කෙනෙක්ට එකෙන් වේදනාවක් ව්‍යාධියක් ඇති වෙන්නත්  පුළුවන්.

ගොඩක් වෙලාවට මෝහනයෙන් වෙන්නේ.... කෙනෙක්ගේ වැළලිලා  ගිය මතකයකට  පණ දෙන එක වුනාට ....... සමහරක් වෙලාවන් වලදි අපි මෝහනය කෙනෙකුගේ හිතට වද දෙන  අඳුරු මතකයන් මකල දාන්නත් යොදා ගන්නවා . බෙහෙතක් විදිහට.

මෝහනය කරන වෛද්‍යවරයා කොච්චර දක්ෂ කෙනෙක් වුණත්. ප්‍රතිකාරයන් වැරදිලා  ගිය අවස්ථාවන් වලට සාක්ෂි..... ඉතිහාසය පීරලා හෙව්වොත් ඔයාට ඕන තරම් හොයා ගන්න පුළුවන් වෙයි. පුතේ !.....

ඒ නිසා .......ඔයා මතක තියා ගන්න ඕන තවත් කරුණක් තමයි මෙතනදි වැදගත්ම දේ වෙන්නේ අවධානය කියන එක . මෝහනය කරන පුද්ගලයා වගේම මෝහනයට  ලක් වෙන පුද්ගලයා තුළ ද මනා අවධානයක් රඳවා තබා ගැනීම හුගක්  වැදගත්.

එහෙම වුනොත් තමයි මේ ප්‍රතිකර්මය වඩාත් සාර්ථක වෙන්නේ.

ඒ වගේම හදිසියේවත් මෝහනයට ලක් වෙන කෙනා අතින් හරි , මෝහනය කරන වෛද්‍යවරයා අතින් හරි පොඩි වැරැද්දක් වුණොත්; එක ජීවිතේ කවදාවත්ම හදන්න බැරි  වැරදි ගොන්නට  එකතු වෙන්න ඉඩ තියෙනවා.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now