👶THE FETUS 👶

264 67 23
                                    

" නැනී ......නැනී ......"

යනුවෙන්  කෑගසමින් මුළුතැන්ගෙය කරා දිව ගිය ටේහෝන්ග්   පසුව

" නැනී ..... ඔයා අඩනවද?."

යැයි අසමින් මැගීගෙ  මුණට එබිකම් කරන්නට වූයේ; ඇයගේ දෑසේ කඳුළු ඇති දැයි සැක හැර දැන ගැනීමටය.

👵: - " අඬන්න මම?."

        " ඔයා දන්නවනේ ටේ , මම  වයස වුණාට.... මගේ හිත හරි  හයියයි  කියලා."

" ඒත් ඇයි ඔයා එක පාරටම මගෙන් ඒ  වගේ ප්‍රශ්නයක් ගැහුවේ ."

🧒 :- "  නෑ නැනී ....,මට එක පාරටම කවුදෝ  ගැහැණු කෙනෙක්  අඩනවා ඇහුණා.

ඒකයි මම හදිසියේම  පල්ලෙහාට  දුවගෙන ආවේ, ඒ ඔයාද බලන්න."

" මං   හිතන්නේ ඒ මගෙ ඔලුවේ මැවිච්ච මනස්ගාතයක් වෙන්න ඇති ."

👵:- "  ඒක තමයි මං ඔයාට අනන්තවත් කියන්නේ ඔය  හොල්මන් චිත්‍රපටි ඕනවට වඩා බලන්න එපා කියලා."
-------------------------------------------
✴️✴️✴️✴️✴️

වෙනදාටත් වඩා වේලාසනින් අවදිවූ taehyng  ඉක්මනින්ම ඇද පැළදගනිමින් , තම ගමන් මල්ල ද රැගෙන කෑම කාමරයට යන්නට වූයේ තම  උදෑසන ආහාර වේල භුක්ති විඳීම සඳහා ය.

පෙර දින රාත්‍රියේ තිබූ නොඉවසිලිමත් බව  නිසා ඔහු හට හරිහැටි නින්දක් නොලැබුනා  යැයි කිවහොත් නිවැරදි ය .

Magi :- " අනේ!.... මගේ  කොල්ලට දවස් තුනක් විතර යනකම් හරිහැටි කෑමක් වත් ලැබෙයිද දන්නේ නෑ ."

Tae :- "අයියෝ!, නැනී  මම මේ භාවනා කරන්න වනගත වෙන්න යනවා නෙමෙයිනේ."

" එහෙදි ළමයි ඔක්කොම එකතුවෙලා උයාගෙන කනවා, අනිත් එක කන්න ඕන තරම් එහෙ ක්ෂණික කෑම වර්ග  තියෙනවා.

ඒ නිසා බඩගින්නෙ ඉන්න  ඕන වෙන්නේ නැහැ ."

Magi :- " ඒ වුනාට ළමයෝ  ඒවා ගෙදර කෑම වගේ රසගුණ නැහැනේ."

" අනිත් තෙක ඔයා හරියට උයන්න වත්  දන්නවා කියල ඈ."

" තාම හරියට බිත්තරයක් වත් බැද ගන්න බෑ."

මෙලෙස මැගී මැසිවිලි නගද්දී ටේහෝන්ග්  කුඩා දරුවකු මෙන් තම තොල් පෙරලීය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now