THE ADORABLE SCHOOL 🔔🔔

530 108 56
                                    

TAEHYUNG 'S POV:-

ඇත්තටම පිරිමි ළමයෙක් boys scl එකකට  යනවා කියන එක කොහොමටවත්ම පුදුම වෙන්න ඕනේ  කාරණාවක් නෙමෙයි තමයි.
ඒත් මට තියෙන ලොකුම සතුට ,මේ තමයි මං පිරිමි ළමයි විතරක් ඉන්න  පාසලකට යන පලවෙනි  පාර මීට කලින් මං ගිය ඔක්කොම පාසල් වගේ මිශ්‍ර පාසල්.

  ඒත් මේ පාර එහෙම නෑ,
ඇත්තටම මේ ගෑනු ළමයි නම් හරිම ජුගුප්සාජනකයි .🤢🤢

මොකද එයාලා මගේ ඉස්සර හැසිරෙන් හරියට මේ ලෝකේ ඉන්න එකම පිරිමියා මේ kim Taehyung වගේ .

කලින් පාසල්  හැම එකේම වගේ ගෑනු ළමයි මාව දැක්කම ඇඟට කඩා පනින්නේ..........

" ආ...... නේ, අන්න taehyung එනවා"

ඊට පස්සේ මගේ වටේ කැරකෙන්නේ  හරියට ඉදිච්ච වැල ගෙඩියක් වටේට  කැරකෙන හෝහපුටෝ රැලක්  වගේ .( මොනවා 😱 මං මේ  මටම නේද ? වැල ගෙඩිය කියා ගත්තේ)

ඇත්තමයි මේ කෙල්ලො එක්ක නම් නිදහසේ හුස්ම ටිකක් වත් ගන්න බෑනෙ.....😑😑
මට ඉතින්  ඉස්කෝලේදි  නිදහසේ හුස්ම ටිකක් ගන්නවත් හම්බ වෙන්නේ වැසිකිළියෙදි තමයි 🤭🤭
මොකද... ?එයාලට ඒක ඇතුලට එන්න බෑනේ. 🙈🙈

ඉතින් මේ ගෑනු ළමයින්ගේ  කරදරේ හින්දා ඉස්කෝලේ පිරිමි ළමයි හැමෝම වගේ මට  ගොඩක්  ඉරිසියා කළා ,ඉතිං මගේ කලින් පාසල් එකක්වත් මට  කොහොමටවත් ස්වර්ගයක්  වගේ ලස්සන තැනක් වුණේ නෑ.
( ගෑනු ළමයි හින්ද පිරිමි ලමයිගේ වෛරය ට  භාජනය වුනු කොල්ලෙක් ඉන්න තත්ත්වය ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නෑනේ ඉතින්)

හැබැයි  දැන් 'stanton boys college' එක නම් මට අපායක් නොවන බවට මට පොඩි හරි  බලාපොරොත්තුවක්  තියාගන්න පුලුවන් වෙයි වගේ  මොකද...... මං මෙහෙට  අඩිය තියද්දී ම වගේ මං මේ පාසලට කැමති වෙන්න අවශ්‍ය සාධක දෙකක් මට ලැබුණා .

අංක 1: පාසලේ   ඇති වචනයෙන් කිව නොහැකි සුන්දරත්වය.

අංක 2:   පාසල තුළ ගෑණු ළමයින්ගෙන් කරදර නොමැති වීම.

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

මෙසේ taehyung  පාසලේ පිටත මෙන්ම ඇතුළත සුන්දරත්වය විඳිමින් peter    පසුපස ගමන් කරන්නට විය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now